Monday, July 11, 2011

මචං මටත් ජොබක් සෙට් කරල දියංකො

කාලෙකට පස්සෙ එයා මාව බලන්න ආවා.

ඔයාට මතකද රසිකයා...!

අර "සෝශල් ෆැක්" එකේ අයිය නේද?

හ්ම්... ඌව හම්බුනා බස් එකේදී.

ඉතින්...

පව්, තාම ජොබක් set වෙලා නෑ, ගෙදරත් ටිකක් කරදරයි වගේ.

මට කියනව අපි ඉන්න තැන, පොඩි ජොබක් හරි කමක් නෑ, සෙට් කරල දෙන්නලු.

ඉතින්... බැරිද උදව්වක් කරන්න.

පිස්සුද?

මං නුරුස්සන බැල්මෙන් එයා දිහා බැලුව.

Helper කෙනෙක් වුනත් එහෙම නිකම්ම ගන්න බෑ.

ඒ කියන්නෙ අර කෝටු අල්ලන්නද?

ඒකට කියන්නෙ Surveying pole කියල.

ආ...

පස්සෙ කියනව කම්කරු වැඩක් හරි කමක් නෑලු.

කොහොමද ඒකා කම්කරු වැඩේට ගන්නෙ, එතන ඉන්නෙ ඔක්කොම අටවත් පාස් නැති උන්. අනික ඌ අපිත් එක්ක එකට හිටපු එකා.

හ්ම්...


ලියා එව්වේ - නදී

5 comments:

  1. strike1 digatama giyot apitat kawadakahari ohoma tamai kiyanna wenne...

    ReplyDelete
  2. නදි මෙ අත්තටම උන සිද්දියක්ද?

    ReplyDelete
  3. නුදුරු අනාගතයේදී.. අපිටත් මේම කියන්න වෙයිද මන්දා...

    ReplyDelete
  4. මේ යන විදියට මටත් කියන්න වෙන්නෙ ළමයා කිව්ව එක තමා...

    ReplyDelete
  5. මේක මටනම් මරු..ජොබ් හොයන අයට හොයල දෙන්න හදන අයට ගොඩක් වෙලාවට වෙ අත්දැකීමක්
    එක්කො ජොබ්එක හොද වැඩියි.. නැත්නම් ඉල්ලුම්කරු හොද වැඩී !
    මධ්‍යස්ථයක් එන්නෙ එහෙමත් කෙනෙකුට! : )

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...