Friday, July 8, 2011

ලොව පැරණිම ගම් වර්ගය

ලෝකයේ පැරණිම ගම් වර්ගය පාවිච්චි කලේ මිනිස්සුන්ව එකිනෙකාට අලවල තියන්න....

සාමූහිකව ඉදිරියට යන්න පුළුවන් මිනිස් සමූහයක් බිහිවෙන්නෙ එහෙම හැමෝම එකට ඇලුණම කියල තමයි ඒ ගම් වල නිෂ්පාදකයො කල්පනා කලේ...

ලෝකයේ බොහෝ තැන් වල නිෂ්පාදකවරු මේ ගම් වර්ගය එක එක නම් වලින් නිෂ්පාදනය කලත් ඒව අතරින් ජනප්‍රිය වුණේ බොහොම ටිකයි...

හැබැයි වර්තමානයේ තත්ත්වය වෙනස්... ගම් වල රසායනය හොයාගත්තු නිෂ්පාදකයන්ගෙ අරමුණු මොනව වුණත් ගම් වර්ග මාකට් කරපු උදවිය ගම් වල රසායනික වෙනස්කම් කරල තියෙන නිසා දැන් තියෙන මේ වර්ගයේ ගම් මිනිස්සුන්ව අලවන්නෙ නෑ...

ඒව මිනිස්සුන්ව වෙන් කරනව...

දැන් මේ ගම්වල නාමයෙන් මිනිස්සු එකිනෙකාට ද්වේෂ කරනව...

ඒත් ගම් වර්ගනම් තාම හොඳට මාකට් වෙනව...


ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

6 comments:

  1. නියම 100ක්... මේක කියවල මොන ගම් ගැනද මේ කිව්වෙ කියලත් හිතන්න වෙනව මොකද ගම් වර්ග කීපෙකටම මේක අදාලයි මම දකින විදිහට..

    ReplyDelete
  2. මේ ඔක්කොම දමල ගහල ගම් බිස්නස් එකකට සෙට් වෙන්ඩ හිතයි. (ගම්ද? මැලියම්ද?)

    ReplyDelete
  3. ඔය කියන ගම් හෙවත් මැලියම් වර්ගය තමා "ජාතිය" කියල හඳුන්වන්නේ. එක්තරා කාලෙක මිනිස්සුන්ව එකට ඇලෙව්වේ ජාතික හැගීමයි. තව දුරටත් ඒක කරන්න මේ හැගීම දැන් අසමත්වෙලා. වෙන විදියකට කිව්වොත්, මිනිසුන් තුල දැන් ජාතික හැගීමක් නැති ගානයි. ඒ වගේම මිනිස්සු භේධ භින්න කරන්නත් මේ ජාතිය කියන සංකල්පය හේතු වෙලා තියෙනවා. මන් හරිද වැරදිද කියන එක රචකයා තීරණය කරාවි.

    ReplyDelete
  4. ඇත්තටම නියම කථාවක්.. පොත් ගුල්ලා කියන දේ හරි කියලා තමයි මමත් හිතන්නේ.

    ReplyDelete
  5. Aaaa gam gena ne me kiyanne..

    ReplyDelete
  6. @Ano...
    ඔබ හරි. ඔය ආගම ගැන තමයි. ජාතියත් ටිකක් ලඟින් යනවා. එත් ගම ජාතියක් නිසා අගමම වෙන්න ඕනේ.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...