Wednesday, July 6, 2011

නෝ කතා, නෝ හිනා

චුටි කතාවක් මතක් වුනා. කෂ්ටිය අහල ඇතිනෙ සමහරු ඔය හිරි අරින්න, ඈනුන් අරින්න එහෙම අත් දෙක උඩට ඉස්සුවම උරහිස් ජොයින්ට් එකද කොහෙද පැනල අත් දෙක හරි, එකක් හරි, ආපහු පහල දාන්න බැරුව ලොක් වෙනව කියල. එහෙම සීන් එකක් වෙලා මං වැඩ කොරපු තැන කෙනෙක්ව අල්ලපු වැටේ තියෙන, ඉස්පිටිතාලෙට (අලව්වෙ) අරන් ගියා. එතන හිටියෙ, ලස්සන තරුණ දොස්තර නෝන කෙනෙක්, එයා ෆුල් ට්‍රය් එකක් දුන්න ලොක් එක ගලෝල බුවාගෙ අත් දෙක පහලට දාන්න…. ම්හු….. හරි ගියෙම නැහැ. ඔතනට ආපු ඇටෙන්ඩන්ට් පොරක් කලේ මොකද දන්නවද? ලෙඩාගෙ සරම කැඩුව. නෝ කතා, නෝ හිනා, අරූගෙ ලොක් නිකම්ම ගැලවිලා අත් දෙකම පහලට දාල සරම අල්ල ගත්ත.

ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

3 comments:

  1. :) :) ඒක දැකල ලස්සන තරුණ දොස්තර නෝනගෙ මොනව පැන්නද දන්නැ

    ReplyDelete
  2. හි හි... මොනව වුනත් ලැජ්ජාව වහගන්න එපැයි...

    මට මතක් වුණේ සැමුවෙල් බර්ටි ඇනස්ලි තුන් දෙනා ඉන්න අර කොමික් එක. පොඩි එකාට 'අත උස්සන්න' කිව්වම 'ගොඩක් උස්සන්න බෑ' කියල කියනවා. ඉස්සර කොයි තරම් ඉස්සුවද කියල ඇහුවම 'ඉස්සරනං මේච්චර ඉස්සුවා' කියල උඩටම උස්සනවා :D :D

    සීයේ කතාවක් ලියාගන්න බෑ කියල හිතන කෙනෙක් ඉන්නවනම් මේක තමයි පෙන්නන්න පුළුවන් හොඳම උදාහරණය.

    ReplyDelete
  3. අනේද කියන්නේ ලොක් එක වගේද ලැජ්ජාව.... එළමකිරි කතාව ඔබා මාමා..........

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...