Sunday, July 3, 2011

පාඩම

විශ්ව විද්‍යාලෙදී
කියලා දෙන දේවල් තේරෙන්නෙ නෑ, අද කරපුවා ගෙදර ගිහින් කරනවාමයි.

ගෙදරට යන පාර අතරමගදී
මහන්සියි. ටිකක් ඉඳලා කරනවා.

ගෙදරදී
ආපු ගමන් පාඩම් කරන්න බෑනේ. විනාඩි දහයක්, එෆ් බී පැත්තෙ යමු.
හැබැයි චැට් බෑ, ඊට පස්සෙ පාඩම්,..

ෆේස්බුකියෙදි
බලමු පොඩ්ඩක් ඔන්ලයින් කට්ටියව.. ඒත් චැට් බෑ,

චැට් එකේ
හායි, කෑවද,
පුංචි අම්මගේ දූ.....
එහෙමද?..

බෑ බෑ මොකක්ද මේ විකාරේ. අටයි, කාලාම පාඩම් කරනවා.

කෑම කාලා ඇවිත්
අරයගේ ෆොටෝ එක බලන්න බැරි වුනානේ, ෆේස්බුක් ටිකා....ක්

ආයෙමත් චැට්
හායි, දන්නවද වැඩක්..
අරමළු... මෙහෙමළු.. බායි...

හපොයි.. 10යි, දැන් මොන පාඩම්ද?
මේක කරන්න බෑ.. මෙහෙම හිටියොත්.....
නෑ.... නෑ .....
හෙට ඉදන් නම් අනිවාර්යෙන් කරනවාමයි.


ලියා එව්වේ - ප්‍රාර්ථනා(http://prarthana-nimnaya.blogspot.com/)

14 comments:

  1. කවුද කවුද මේ මගේ කතාව මෙතන දැම්මෙ... ඈ. හම්බුවෙද්දෙංකො

    :) හිහ් හිහ් හිහ්

    ReplyDelete
  2. හෙහෙ අපිත් ඔහොමයි

    ReplyDelete
  3. යකෝ බලනකොට ඔක්කොම ෆේස්බුක්ම නේ..?? ;)

    ReplyDelete
  4. මටත් වෙන්නෙ ඔය ටිකම තමයි... :(

    ReplyDelete
  5. මං අයෙත් බැලුව කවුද ලියල තියෙන්නෙ කියල ... මගේ කතාවත් මේකම තමයි..

    ReplyDelete
  6. හී හී.. හපොයි හැමෝම මම වගේමයිනේ බලන් යද්දි...

    ReplyDelete
  7. ප්‍රමාදය දුකට හේතුවේ කියල බුදුන් කියල තියෙන්නෙ ඕක තමයි.... හෙට හෙට කියල අද කරන වැඩේ කල් දාන්න උපන් හපන්නු නෙව අපි සේරම... ඔන්න කිසි වැඩකට නැති වැඩනම් බදාගෙන කරන්නෙ... ෆේස් බුක් නැතුවට මේ මට තියෙන පික්චර් බැලිල්ලේ අසනීපෙත් ටිකක් එහෙම එකක්!

    ReplyDelete
  8. ane apitath oya sethemai.mark iya tama mewata waga kiyanna one.weli weli inna apita kellanta pani halanna widihak kiyala dunnata :P

    ReplyDelete
  9. බලාන යනකොට අපි සේරම එකවගේ නොවැ... එකම සාම්පලේ

    ReplyDelete
  10. එක ජාතියේ කුරුල්ලෝ එකට පියාඹනව කියන්නේ නිකමට නෙවෙයි වගේනේ.. හී හී, හැමෝටම ස්තූතියි..

    ReplyDelete
  11. බොලේ.. මාත් ඔය බෝට්ටුවෙනෙ.. :(

    ReplyDelete
  12. වෙනසක් නෑ..හැමදාම කරන්නේඔහොමම තමා

    ReplyDelete
  13. මාත් ඔය බොට්ටුවේ...
    හැබැයි xam එකට පාඩම් කරන්න කියල හිතෙන්නෙත් කලින් දවසෙ රෑ..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...