“මම අතින් වත් අල්ලන්නේ මම බඳින කෙනා විතරයි.. ඊට එහා දෙයක් කරන්න හිතන්නේවත් ඔයා මගේම උනාම විතරයි”... ඔහු සෙමෙන් තෙපලුව...
“කොච්චර හොඳ මනුස්සයෙක්ද”... ඇය සිතුවා..
“මම වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක්ගේ පෙම්වතිය වෙන්න. හැමෝම ඔහොම නෑ”... ඇය ඔහුගේ අතින් අල්ලාගෙන මිමිණුවා..
කාලයක් ගත උනා.... එක් සවසක ඔහු ඇයත් සමග දොඩමළුව සිටින මොහොතක...
“මදාරා...“
“හ්ම්ම්..”
“ඔයා හෙට මොකද කරන්නේ?”
“විශේෂයක් නෑ”
“අපි කොහේ හරි යමුද?”
“කොහේ හරි කිව්වේ?”
“ඔයා දන්නවා මම මොකක්ද කියන්නේ කියලා”
“ඒත් ඔයාමනේ කිව්වේ අපි බඳින කම් ඒ විදියට මාව අල්ලන්නේ නෑ කියල”
ඔහු මහා හය්යෙන් හිනා උනා...
“ඔයා කොයි තරම් අහිංසක ද, මම තාම රහත් වෙලා නෑ මදාරා”
ලියා එව්වේ - ජනනි අමරසේකර (http://sweetdwelling.blogspot.com/)
මදාරා? :)
ReplyDeleteහිතන්න ඕනේ දෙයක්
ReplyDeleteවැදගත් දෙයක් හිතන්න වටින ..
ReplyDeleteහොද ලස්සන නිර්මාණයක්...
හිතන්න ඕනෙ කතාවක්!!!
ReplyDeleteහ්ම්ම්...
ReplyDeleteඅම්මෝ ජනනි අක්කව සහෙන කාලෙකින් පෝස්ට් එකක් දැක්කේ. නිවඩුත් තියෙන එකේ ලිව්වා නම් මක්ක වෙනවද.
ReplyDeleteහරි අසාධාරණ ලෝකයක්!
ReplyDeleteදෙපැත්ත ගැනම සදාරණව හිතනවනම් අවසානය නිරුත්තරද මන්දා, ගැඹුරු නිර්මාණයක් (සටපික්වලයා)
ReplyDeleteදැනුයි දැක්කේ මේක පලවෙලා කියල... කොමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි....
ReplyDelete@මදුරංග... වැඩිපුර ලියන්න හිතාගෙන ඉන්නවා...