Wednesday, December 12, 2012

උපන්දින සුභ පැතුම්

අපේ සීයලා
ඉස්සර උපන්දිනේට අපි කාඩ් යවනවා..
මතක තියං ඉඳලා දින ගැනලා තැපැල් කරන්නේ හරිදවසටම අතට ඒක ලැබෙන විදිහට..

අපේ තාත්තාලා
ඩයරිය බලලා පෝන් කෝල් එකක් ගන්නවා උදෙන්ම...
එයාලාගෙ කටින්ම සුභ පතන්න..

අපි ඉස්සර
sms එකක් යවනවා. ඕවට යවන්න ලස්සන ඒවා තියනවා සේව් කරලා.
ෆෝන් එකේ රිමයින්ඩරේ දාලා තියෙන්නෙ ඔක්කොම.
කෝල් කරන්න කෝ අපිට වෙලාවක්..

අපි දැන්
ෆේස් බුක් තියනවනේ.. ඒ නිසා කාගෙවත් උපන්දින මඟ ඇරෙන්නෙ නෑ.
වෝල් එකේ HBD කියලා ලියලා දානවා.. හරිම simple වැඩක්.
මොකද අපි හරි බිසි නේ!
Happy Birthday කියලා ලියන්න තරම්වත් වෙලාවක් නැහැනෙ අපිට
ඇරත් මොකට ඕවාට වද වෙනවද?
අපි දැන් ඉන්නේ facebook ජෙනරේෂන් එකේනේ!

ලියා එව්වේ - Sabith (www.sabithl.blogspot.com)

5 comments:

  1. අනේ මන්දා.. එතකොට අපි ඔය සාබිත් ගෙ තාත්තගෙ වයසෙ.. ඈ..?

    ReplyDelete
  2. ඔව් මවමත් හිතන්නේ අන්තිමේ ට එහෙමත් කාලයක් ඒවි...
    විෂ් කරන්න වත් නොවන අලුත් තාලේ කාලේ...


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  3. සුබ උපන්දිනක් වේවා.

    ReplyDelete
  4. ඇත්ත, තාක්ෂණයත් එක්ක මිනිස්සුන්ගෙ සම්බන්දතා වල වටිනාකම සෑහෙන්න අඩු වෙලා.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...