පුංචි තරුවක් තනි වෙලා හිද
පැතුම් පොදි බදිනා වෙලේ
මගේ මතකෙට කොහේ සිට ඔබ
පැමිණියේදැයි නොම හැඟේ
ආදරේ මහ සාගරේ මැද
අප දෙදෙනා තනි වූ වෙලේ
ආදරේ කොපමණ සොඳුරුදැයි
හැඟුණි ඔය නෙතු දුටු වෙලේ
රුවට නොව මා ඔබට බැඳුනේ
නුඹේ හොඳ ගුණ දුටු නිසයි
සොඳුරු ඔය සිතෙ තියෙන ආදරේ
මගේ හදවතේ රැඳුන හින්දයි
කෙලෙස කියමිද හිතා ගනු බෑ
කවි හිතත් අද හොඳ හැඩයි
ඔය හිතට බැදි මගේ සෙනෙහස
ඇත්තමයි හරි පිවිතුරුයි
ලඟින් සිටියත් නොසිටියත් ඔබ
සිතින් සැමවිට මා ලඟයි
මියෙන විටදිත් ඉන්න ඕනේ
මට ඔබේ තුරුලෙම තමයි
සිත සැනසුම සලසන මට
ඔය සෙනෙහස මහමෙරක්ය
හැමදාමත් ලඟට වෙලා
ඉන්නට මට අවසරයිද
ලියා එව්වේ - චතූ
ලස්සන කවි සිතුවිල්ලක්
ReplyDeleteතෝ ඕන මලදානෙකට ඔය ටික කියනවනෙ
Deleteහා.
Deleteසිරා
ReplyDeleteඑළස් ම තමා
ReplyDeleteඅපරාදෙ ඔයාට ඉන්ටනෙට් හම්බවුනේ
ReplyDeletesuper!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete