Wednesday, September 5, 2012

ක්ලියෝපැට්රා

“මෙහෙම.. මේ ඇලේට.. ඔයාගේ දිහා බලන් ඉන්නකොට මට කතාවක් මතක් වෙනවා..”

“කතාවක්!!.. කියන්නකෝ..!!”

“ක්ලියෝපැට්රාටත් දිග නහයක් තිබ්බා ලු නේ..”

“ ‘ත්’ කියන්නේ.. තව කාටද දිග නහයක් තිබ්බේ?”

“නෑ.... මේ.. මං කියන්නේ... ක්ලියෝපැට්රා ට දිග නහයක් තිබ්බා නේ..”

“ඉතින්?”

“ඉතින් ජුලියස් සීසර් ඒ නහයට වහ වැටිලාලු හිටියේ..”

“නෑ?”

“නෑ.. නෙමෙයි ඔව්!.. රාජධානි පවා පවරලා දෙන තරමේ පිස්සුවෙන්ලු හිටියේ..”

“ඔයාට කිව්වද?”

“නැහැ.. මට දැන් තේරෙනවා සීසර්ට පිස්සු හැදුනු විදිහ.. ඒකයි”

“ඒ කොහොමද?”

“මටත් දැන් ටිකක් පිස්සු වගේ..”

“වෙනදා තිබ්බාට වැඩිය?”

“ඔව්.. නිකම් රාජධානිය පවරලා දෙන්න හිතෙනවා..”

“කොයි රාජධානියද?”

“අන්න.. අන්න... ඒක නෙමෙයිනේ අහන්න ඕන.. කාටද කියලානේ!”

“මම දන්නවනේ කාටද කියලා..”

“කාටද?”

“ක්ලියෝපැට්රාට!”



ලියා එව්වේ - මලිති (http://sahaspiyawara.blogspot.com.au)

10 comments:

  1. දැං කාටද පිස්සු..... හි හි.....
    මරු....

    ReplyDelete
  2. ඈ ඈ හිතාගන්න බැහැ .. එල එල

    ReplyDelete
  3. මටත් මේක කියෝලා පිස්සු වගේ..

    ReplyDelete
  4. :D මදැයි..!
    අගෙයි..!

    ReplyDelete
  5. ක්ලියෝපැට්රාට දිග නහයක් තිබ්බම අපිට පාන්යැ
    ලියපල්ලකො ටොයිලට්නාඩු දෙමලුන්ට බැනල පෝස්ට් එකක්
    තුඃ නෙදකිං

    ReplyDelete
    Replies
    1. Ubala nam paan kana ekakuth ne suddange kema kiyala.

      Delete
  6. ඉතිං අපිට පාන්යැ :D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...