Monday, September 10, 2012

පෑන් කේක්


බණ්ඩාරණායක ගුවන්තොටුපලේ සිට ගුවනට නැගුනු ඉතියෝපියන් එයාර්ලයින් ගුවන් සේවය බෙනින් බලා පියෑඹුවේය. ගුවනේ පැය පහකට වඩා පියාසර කිරීමත් ගුවන් සේවයේ අඩු මඟී සේවයත් ඔහුට  පැය දහතුනක ගමන එපා කර තිබුණි. ඒ අතර දැඩි කුසගින්නෙන්ද පෙළුණු ඔහු එයද ඉවසා ගෙන සිටියේය.

ඉන් ටික වේලාවකට පසු නොදැනුවත්වම ඔහුට නින්ද ගොස් තිබුණි. පැය කීපයකට පසු ගුවන් සේවිකාවක විසින් ඔහු ඇහැරවීය.

එක් ගුවන් සේවිකාවක් කුඩා පිඟන් වල පෑන් කේක් බෙදමින් එමින් සිටියාය. මොහුටද පිඟානක් ලැබුණි. මොහුද හරි බරි ගැහෙමින් පෑන් කේකය කටේ ඔබා ගන්නට සිතා අතින් එය ගන්නට සැරසුණි. එහා අසුනේ සිටි තැනැත්තා පෑන් කේකය දිග හැර එක් වරක් ගසා තම මූණ පිසදා ගත්තේය.



ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

8 comments:

  1. පෑන් කේක් එකෙන් මූන පිහලා ඊට පස්සේ රෝල් කරලා කටේ ඔබා ගත්තා ලූ @

    ReplyDelete
  2. මොකක්ද මේ හරුපේ :/

    ReplyDelete
  3. She's talking about a rolled yellow tissue! :P

    ReplyDelete
  4. හොට් ටවල් සුදු එක නිදිමරගාතේ කහ පාටට පෙනිලද?ශ්‍රීලංකාව හැම අතින්ම ජයගත්ත රටක් නිසා, අහේනි රටවල එඋන් රැකියා සදහා පෝලිමේ එනවනේ. මේකත් ඉතියෝපියාවෙන් ඇවිල්ල ටුවරිස්ට් වීසා ඉවරවෙලා හොරෙන් වැඩ කරද්දී අල්ලලා යවපු එකෙක්.

    ReplyDelete
  5. මං හිතන්නෑ ප්ලේන් එකක ගිහින් නැති පිරිසෙන් වැඩි දෙනෙකුට මේක තේරුම් යයි කියලා

    ReplyDelete
  6. අඩේ සිරාවටම වචන 100යිනේ....
    ඇඩෙනවා..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...