Friday, March 16, 2012

මුතුන්මිත්තන්ට රක්ෂණ ඔප්පුවක්

“එක එකාට ඕන විධියට නටන්න දෙන්න බෑ”

“ඇයි මචං මොකක්ද අවුල?”

"නෑ බං... බලපං මුං කරන දේවල්...? එක එකා තම තමන්ට ඕන විධියට නටනවනේ...”

“ඉතිං ඒකෙ මොකක්ද අවුල...? උඹ නටන විධියට හැමෝටම නටන්න බෑනෙ.”

“උං ඕන නැටුමක් නටාගත්තට කාරියක් නෑ... අපි ආරක්ෂා කරන දේවල් විනාස කරන්නෙ නැතිව.”

“දැං උඹල මොනවද ආරස්සා කරන්නෙ?”

“ඇයි අපේ මුතුන්මිත්තො රැකල දීපුව. ඒව රකින එක අපි හැමෝගෙම වගකීම”

“මුතුන්මිත්තො රැකල දීපුව කෝ...?”

“ඇයි ඔය පොත්පත්වල තියෙන්නෙ... ඒව අපි රකින්න ඕන දායාද”

“ඉතිං උඹ කියවල තියෙනවද ඒව?”

“පිස්සුද බං ඕව කියවන්න වෙලා තියෙන්නෙ කාටද? අනික කියෙව්වට තේරෙන්නත් එපැයි!”

“හ්ම්.....”

“ඒ වුණාට ඒව අපි පරෙස්සමෙන් රකින්න ඕන.”



ලියා එව්වේ - hare :-)

8 comments:

  1. me seen eka nam attha. Ke gahana minissu goda denek danne netuwai ke gahanne.

    ReplyDelete
  2. කොහොමත් ලංකාවෙ හුඟක් අය දෙන්නෙ ඔයවගේ අදහන්න අමාරු ටෝක්ස්,
    සිරා පෝස්ට් එක

    ReplyDelete
  3. ලියන්න නිදහස තිබුණ කියල මුතුන් මිත්තන්ට ගරහන්න එපා යකෝ

    ReplyDelete
    Replies
    1. අනේ පල ගොබිලො යන්න, මේ පෝස්ට් එක කාලෙකින් ආපු හොඳ පෝස්ට් එකක්, තෝවගේ ගොන්පොන්නයො ඉන්නකන් රටට වන සරනයි:-P

      Delete
  4. මරු ඕයි.

    මොකෝ හරේ සීය විතරක් ලියන්නේ?

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...