මගේ ජීවිතේට ඔයා ලස්සන තරු එළියක් වගේ.. මම ඒ එළිය විඳිනවා.. ඒත් ළඟට ගන්න අමාරුයි.. ගොඩක් ඈතයි.. ඒත් මම දන්නවා ඒ තරුව මගේමයි කියලා.. මුළු ලෝකෙටම ඒක විහිලුවක් වෙන්න ඇති. මම කවුද ඔයා කවුද.. ඔයා තරුවක් නම් මම වැලි කැටයක්..
දිස්නේ දෙන තරුවක් එක්ක වැලිකැටයකටත් බැඳිමක් ඇති කර ගන්න පුළුවන් කියලා ඔයාවත් තාම දන්නේ නෑ.. ඒ කොහොමද දන්වාද.. ඈත ඉඳන් බබළන ඒ තරුවේ අහිංසක එළිය මේ වැලි කැටේට පරාවර්ථනය වෙලා, තරුවකට ලන් වෙන්නවත් අදහසක් නොතිබුනු මේ පුංචි වැලි කැටේට දිස්නයක් ඇවිත්.
(අනේ දෙයිවියනේ පව් අර අහිංසක වැලි කැටය තාම දන්නේ නැහැ ඒ තරුව මිය ගිහින් දැන් ශතවර්ශ ගණනාවක් වෙනවා කියලා.)
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
නැවුම් අදහසක්. අපූරුයි !
ReplyDeleteබොහෝම ස්තූතියි :)
Deleteතරුව මැරුණට තරුවේ එළිය තාම මැරිලා නැ වැලි කැටය හැමදාම ආදරය කලේ ඒ එළියට
ReplyDeleteඔව්..... ඒ එළිය දිහා බලාගෙන වැලි කෑටේ තාමත් හූල්ලනවා :)
Deleteසුදු හංසි සීයට කරපු නිර්මාණ අතරින් මම කැමතිම එකක් මේක. ආලෝක ශතවර්ෂ ගාණක් ගෙවාගෙන එන්න තරම් ඈත තිබුණ තරුවක්!
ReplyDeleteදැන් මැරිල ගිහින් ඇති!
බොහෝම ස්තූතියි හරේ... මගේ නිර්මාණ වලට ලැබුණ හොඳ ප්‍රතිචාරයත් මේකම තමයි.. :)
Deleteතරුව මැරුණ එකක්... ඒත් ඒක තේරුම් ගන්න තරම් වැලි කැටය බුද්ධිමත් නැහැ :) මේක හැබෑවටම අහස බලද්දි දැනුනු හැඟිමක් ඒක වෙන්න ඇති සාර්ථක උනේ :D
මේකට මම කැමතිමි...
ReplyDeleteස්තූතියි බීටල්... :D
Deleteලස්සනයි .. මම කැමතියි.. සුදුහංසි මෙ නිර්මාණයට..
ReplyDeleteතැන්කෝ රවායියේ..!!
Deleteහරිම ලස්සන අදහසක් අක්කෙ...<3
ReplyDeleteස්තූතියි හිතූ....
Delete