සිරිමත ගැමුණුව
අපි මහජනතාව
සර්කස් වැඩ හොඳ හැටි දත්
තනි කකුලෙන් පාපුවරු තරණය කර
ජනේලවල දෙ අතින් එල්ලෙන
පේලි සීයකට වුණත් ගාල් වන
එළු රැළකි අපි
මේ මහජනතාව
දුක් නොවන් සිරිමත
ඔබ බැබළිය යුතුය තුටින්
කන්තෝරු නම් මොනවාද
පයින් වුව යා හැකි නොව
ඩීසල් ලීටරයක් බීගත් විට
අපි මහජනතාව
සියලු සර්කස් දත්
දුන්නක් මෙන් සිරුර නවමි
කොන්දොස්තර උතුමාණනි
යන්න මැදින් ටිකට් කඩන්
මාරු සල්ලි මක් වෙනවද
තියා ගන්න තියා ගන්න
අපි වාගෙද ඔය මහතුන්
සාධාරණ අයම නොවෙද
කොච්චර නම් වැඩ ඇතිවද
සිරිමත ගැමුණුව
පිසදාගන් ඔය කඳුළැලි
පපුව පලා ඩීසල් දෙමි
ඇඬුවෝතින් ඔයා ඔහොම
අපි මේ මහජනාතාවනෙ
එළු ගාලක් තරම් වටින
ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)
//අපි මේ මහජනතාවනෙ
ReplyDeleteඑළු ගාලක් තරම් වටින//
එළු ගාලක් ඊට වඩා හුඟාක් වටිනව වගේ දැන් නං පේන්නෙ....මං කිව්වේ මනුස්ස ගාලකට වඩා...
සිරිමත ගැමුණුවද නිදිමත ගැමුණුවද?
ReplyDelete