දන්නවද අනූ......
පුන්චි කාලේ මම හැදුනේ
ලොකු රස්සාවක් කරපු
මගේම නැන්දගේ ගෙදර...
එයාල මට ඉගෑන්නුවා
මාව මිනිහෙක් කලා
ඒ හැමදේටම අදටත් ගරු කරනව..
ඒත්....
මම පොල් කැඩුව
රෙදි, පිඟන්, වලන් සේදුවා..
හැතැක්ම ගානක් ගිහින් වතුර ගෙනාවා
අන්තිමට එයලා උණු බත් කද්දි පිළුණු බත් කෑවා
පාන්ගෙඩියේ වාටිය මට කන්න දුන්නා
මට දුක නෑ..
ඒත්.......
මට කවදාවත් මගේ දරුවට ඒ ටික වෙන්නදෙන්න බෑ
මම වැරැද්දක් කලා
මම ඔයාට ළන්වුනා
ඒ මම ඔයාට ආදරේ නිසා
ඒත් මට මගේ වගකීම් අමතක කරන්න බෑ..
මගේ සුරන්ගනාවි.....
ඒ ලස්සන ඈස් වලින් අහනවා
"අප්පච්චි මමත් ඔයා වගෙම අවාසනාවන්තද කියලා"
ඒක එහෙම වෙන්න දෙන්න බෑ....
සමාවෙන්න අනූ........ :((((((((
ලියා එව්වේ - නුවනි නිසල්යා ඉරුගල්බණ්ඩාර
හ්ම්ම් ආදරේ ගැන හිතන්න කලින් ජිවිතේ ගැන හිතන්න පුලුවන්නම් කොච්චර හොදද..
ReplyDeleteහපෝ මේ ළමයි ඉන්න තාත්තල කරන වැඩ! :P
ReplyDeleteකවිතියන තැන්වලට මාත් එනවා. අද පළමු දවස.
ReplyDelete' මේ කවියනම් අසම්මත ආදරේ බිඳුනු ප්‍රහේලිකාවක්"
චික් තාත්තෙක් කරන වැඩද මේවා....
ReplyDeleteතාත්තලාගෙ කවියක්
ReplyDelete