"අන්න තනියා
එලෝපිය ඔකා
කොටපියව් ඔකට
මරපියව් ඔකව"
"ඔව් යකෝ
මන් තනියා තමයි
හැබැයි තොපි දන්නෑ
මන් තනි උනේ
කොහොමද කියලා
බඩේ ඉද්දීම අප්පව මරලා
දළ දෙකට තොපි කෙලියා
අම්මව වනජීවී උන්
කුදලන් ගියා
මන් දන්නවා බොලවු
මේ මගේ අවසානෙ බව"
"මට පේනවා
ඈත ගිනි බටේ උස්ස ගත් උඹය
මෙතන හොඬේ උස්ස ගත් මමය
ඈත අමු තිත්ත කියන් එන උඹය
මෙතන දූලින් වැසී ගිය මමය
මට ලඟින් එල්ලය මානා ගත් උඹය
බොට ලඟින් කාල වර්ණ මමය"
"මට දැනෙනවා
කුඹ ලඟින් වෙඩි උන්ඩයය
ඊට පිට දුන් මාගේ කුඹය
මොල පසා කරන් යන උණ්ඩයය
වේදනා බරිත මාගේ ගතය
ජයග්රාහී උඹය
මියැදෙන මමය"
ලියා එව්වේ - සොඳුරු මිනිසා (http://sonduruminisa.blogspot.com/)
කරන්ට් එක දාලා තමා දැන් ලේසියෙන් වැඩේ දෙන්නේ.....
ReplyDeleteදක්ෂ සීයේ ලියවිල්ලක්!
ReplyDeleteහිටපිය උඹට
ReplyDeleteඊලඟ භවයේ
අපි හමුවන විට
ගිනි බටේ මා අතය
උඹ දුවගෙන එනවාය
ලස්සනට ලියල තියෙනව...
ReplyDeletethirisan unth eth jiwithayk.hodata liyala thiyanawa.hoda lipiyak.
ReplyDeleteඅපූරුයි !
ReplyDeleteඋන්ගෙ ගෙවල් අස්සෙ අපි ගෙවල් හදන්
ReplyDeleteඋන්ට කෙලවන්නෙ ඔහොම තමයි!
meka man tharunaya paththare dekka.
ReplyDelete