Monday, March 12, 2012

යාලුවෝ

“හැමදාම පරක්කු වෙන්න එපා චූටිබේබි… ලොකුබේබි වගේ කොලීජිය ඇරුණ ගමන් ආවනම් මෙලහට අපි ගෙදර…”

සිරිදාස කියද්දී නංගී ඔලොක්කුවට හිනාවුණා…

“ලොකුබේබිට වගේද සිරිදාස මට… යාළුවෝ කීදෙනෙක්ද? සේරටම බායි කියලා එන්න එපැයි… අක්කට ඉන්නේ යාළුවෝ දෙන්නයි… සඳලියි නිම්ශයි… නිම්ශයි සඳලියි…”

නංගී මහහඬින් හිනාවෙවී කියද්දී සිරිදාස ඒ දිහා බැලුවේ මූණ නොරොක් කරන්…

“ඔන්න සිරිදාස..!!”

මම කෑගහද්දි පැත්තෙන් ආපු වාහනයක් අපේ වාහනේ හැපුනේ ඇසිල්ලකින්…

වාසනාවට කාටවත් තුවාලයක් නැහැ…

“බලනවකෝ මගේ ස්ටේටස් එකට යාලුවන්ගෙ කමෙන්ට්ස් ගොඩ..!”
අපි පොලිසියෙන් එනකල් වාහනයේ ඉන්න ටිකට නංගී අනතුර ගැන මූණුපොතෙත් දාලා…
මම දුකෙන් ඉවත බලාගනිද්දි අපේ වාහනේ ගාව ත්‍රීවීලරයක් නැවැත්තුවා...

කලබලෙන් එලියට බැස්සේ සඳලි..!

ඒත් එක්කම තව ත්‍රීවීලරයක් ආවා...


ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

13 comments:

  1. බීටලයියා.... මේකනම් මරු!

    ReplyDelete
  2. අනික් එකේ නිම්ශා වෙන්නැති.....

    ReplyDelete
  3. හොඳ යාළුවෝ කියන්නේ අනෙකාගේ දුකේදි වගේම සැපේදිත් එකට ඉන්න අය. එහෙම අය ගොඩාක් නැති උනාට එකක් දෙකක් හිටියත් හොඳටම ඇති.
    නියමයි බීට්ල්....

    ReplyDelete
  4. ස්ටේටස් 500ක් ආවත් මොකටද ළඟ නැති

    ReplyDelete
  5. සිරා කියල කිව්වනම් හොඳටම ඇති!

    වර්චුවල් ලෝකෙට වෙලා යාළුවො එක්ක ආතල් ගත්තට ඇත්ත ලෝකෙදි අපි වෙනුවෙන් ඉන්නෙ කීප දෙනයි!

    ReplyDelete
  6. හැමෝටම ගොඩක් ස්තූතියි...!

    ReplyDelete
  7. වටිනා කියන අදහසක්

    ReplyDelete
  8. ෂුවර් එකටම නිම්ෂා වෙන්නැති...

    ReplyDelete
  9. පොඩි කාලෙ කියවපු 'හොඳම යහළුවා' කියල පොතක් මතක් උණා. ඒ පොතේ කතා නායකයා කියන්නෙ 'මට ඉන්නෙ යාලුවො එකහමාරයි' කියල. යාළු කමේ අර්ථය බැලුවම ඒක ඇත්ත....

    -සකි

    ReplyDelete
  10. මරු වචන සීය.., වර්චුවල් ලෝකෙයි, ඇත්ත ලෝකෙයි පටලගෙන අද ගොඩක් දෙනා.., අවාසනාවට දැන දැන වලේ වැටෙන්න තරම් මේ ලියන අපිත් මෝඩ වෙලා..!

    ReplyDelete
  11. මරේ මරු බීටලේ..!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...