Friday, March 9, 2012

පුංචි සතුට නැති වුනු හැටි!

සුභා, නිශාන්තයා කිව්වා හෙට රෑ කෑමට එන්නැයි කියලා. ඔයා එහෙ ගිහින්ම නෑ නේද?

--------------------------------------------------------

අනේ හරී සිරියාවන්ත දුවක්. ලස්සනේ බෑ. දුව අපේ පියුමි දුවගේ යාළුවෙක්ද?

නෑ ඇන්ටි. නිශාන්තයි මගේ හස්බනුයි යාළුවෝ. මම හස්බන්ඩ් එක්ක ආවේ.

අනේ..... ඒ පුතා හරිම වාසනාවන්තයි දුව වගේ සිරියාවන්ත කෙල්ලෙක් ලබන්න. කෝ ඒ පුතා?

අර ඉන්නේ ඇන්ටි අතන මේසේ ගාව.

අර ළමයා? ඒ ළමයනම් දුවගේ හස්බන්ඩ් වෙන්න බෑ. එයා හරි වයස පාටයිනේ බොරු නේද?

ඇත්තමයි ඇන්ටි...

--------------------------------------------------------

ඔයා දන්නවද වැඩක් නිශාන්තලාගේ අම්මා කිව්වනේ ඔයා මට වඩා සෑහෙන්න වයස පාටයි කියලා.

කොහෙද ඔයා ඔය කොන්ඩෙවත් ඩයි කරගන්න එකක්යැ.

ආ මට කියන්න අමතක උනානේ සුභා.... ඒ ඇන්ටිට පිස්සු!



ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

9 comments:

  1. ඇන්ටිට වඩා සුභාට පිස්සුද මන්දා :D

    ReplyDelete
  2. සුභාට කොහොමත් පිස්සු ඇති. එතකොට ඇන්ටිට පිස්සු ඩබල් වෙන්න එපැයි ;-)

    ReplyDelete
  3. අනේ සුභාගේ හීන මාලිගා :D

    ReplyDelete
  4. දෙන්නටම පිස්සු වගේ.....

    ReplyDelete
  5. පූසා ගේ කාන්තා දින ලිපිය

    ReplyDelete
  6. හිකිස්... අනේ අනේ පූස් මොටෝ....:D :D

    ReplyDelete
  7. කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි.....
    මම හිතන විදිහට ගැහැණු අය තමගේ ලස්සන ගැන තව කෙනෙක් වර්ණනා කරනවාට බොහොම ආසයි. පිරිමි අපිට සාපේක්ෂවනම් ඒක එක්තරා විදිහට පිස්සුවක් තම්යි. විවාහ වෙච්චි ගැහැණු අය ඔය කතාව තව කෙනෙක්ගේ කටින් අහන්න පුදුම කැමැත්තක් තියෙනවයි කියලා මම දැකපු සිද්දි කීපයක් නිසා මට හිතිලා තියෙනවා!

    ReplyDelete
  8. මේ පුන්සිරි සොයිසා නේද ඔය නිශාන්තයාගේ යාලුවා.. ඔය සුභාට මිනිහා ස්වර්නමාලි කියලාත් අමතනවා මට ඇහිලා තියේ :D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...