Wednesday, March 7, 2012

සිරිමත ගැමුණුව

සිරිමත ගැමුණුව
අපි මහජනතාව
සර්කස් වැඩ හොඳ හැටි දත්
තනි කකුලෙන් පාපුවරු තරණය කර
ජනේලවල දෙ අතින් එල්ලෙන
පේලි සීයකට වුණත් ගාල් වන
එළු ‍රැළකි අපි
මේ මහජනතාව

දුක් නොවන් සිරිමත
ඔබ බැබළිය යුතුය තුටින්
කන්තෝරු නම් මොනවාද
පයින් වුව යා හැකි නොව
ඩීසල් ලීටරයක් බීගත් විට
අපි මහජනතාව
සියලු සර්කස් දත්

දුන්නක් මෙන් සිරුර නවමි
කොන්දොස්තර උතුමාණනි
යන්න මැදින් ටිකට් කඩන්
මාරු සල්ලි මක් වෙනවද
තියා ගන්න තියා ගන්න
අපි වාගෙද ඔය මහතුන්
සාධාරණ අයම නොවෙද

කොච්චර නම් වැඩ ඇතිවද

සිරිමත ගැමුණුව
පිසදාගන් ඔය කඳුළැලි
පපුව පලා ඩීසල් දෙමි
ඇඬුවෝතින් ඔයා ඔහොම

අපි මේ මහජනාතාවනෙ
එළු ගාලක් තරම් වටින


ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)

2 comments:

  1. //අපි මේ මහජනතාවනෙ
    එළු ගාලක් තරම් වටින//

    එළු ගාලක් ඊට වඩා හුඟාක් වටිනව වගේ දැන් නං පේන්නෙ....මං කිව්වේ මනුස්ස ගාලකට වඩා...

    ReplyDelete
  2. සිරිමත ගැමුණුවද නිදිමත ගැමුණුවද?

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...