Monday, March 5, 2012

කෝ.. දෙන්න ඒක ආපහු මට දෙන්න....

මෙහෙම කියද්දි ඔයා බලනවද මොකක්ද ඉල්ලන්නේ කියලා.. මොකක්ද දන්නවද මම ඉල්ලන්නේ... එදා අපේ දිහා ඇවිත් යනකොට අරන් ගිය, මගේ හිත මට ආපහු දෙන්න කියලා.

ඒත් ඉතින් මම දන්නවා ඔයා මගේ හිත අරන් ගියේ බැරි වීමකින් කියලා.. බැරි වීමකින් අරන් ගියත්, ඒ මගේ හිත දෙවියනේ.. මම ආසයි මගේ හිත ඔයා ලඟම තියෙනවට.. ඒත් ඔයා තාම දන්නේ නෑ ඔයා යද්දී මගෙ හිත අරන් ගිය බවක්.. නොදැන ඔයා ලඟ මගේ හිත තියෙද්දී නොදැනුවත්ව ඔයා මගේ දුප්පත් හිත රිදවනවා.

මම ඒක ආපහු ඉල්ලන්නේ මටම කියා ගන්න නෙවෙයි. දන්වද...... ඔයා දැනුවත්ව ඔයාටම ආයිත් දෙන්න.. ඒත් තවමත් මම දන්නේ නැහැ ඔයා ඒක බාර ගනියිද නැද්ද කියලා..



ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

2 comments:

  1. අවුරුදු විස්සක් තිස්සේ මමත් ඕකම හිතං ඉන්නවා....

    ReplyDelete
  2. හාට් සර්ජන් කෙනෙක් කොන්සල්ට් කොරන්න වෙයි වගේ

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...