Wednesday, September 21, 2011

බැඳි පෙමක අරුම

මගේ මුලූ ජීවිතේම
මුලු ජීවිතේම
වෙනස් වුනා
ඔයා නිසා.
ඔව්
ඒ ඔයා නිසාම තමයි
ඔයයි දැං
මගේ ජීවිතේ.
මට වෙන කවුරුත් නෑ.
ඔයාම විතරයි.
ඔයාම විතරයි
මට හැමදේම..
හැමදාම...

ඒත් ඔයාට
එහෙම නෙවේ.

ඔයාට,
ඔයාගෙ ජීවිතේට
"මාව ලැබීම",
කියන එක,
ඔයාගෙ ජීවිතේට
තවත් එක දෙයක් ලැබීමක්
විතරක්
වෙන්න ඇති.

ඒක වෙන්න ඇති
මේ දේවල්
මට එක විදියකටත්
ඔයාට වෙනස්ම විදියකටත්
දැනෙන්නෙ.

ඒ වචන ටික සමහර විට
කොල්ලෙක් කියන දෙයක් වගේ
වෙන්න පුලුවන්.
ඒත් දැං කියන්නෙ
"කෙල්ලෙක්".

ඒ නිසා සමහර විට මේකෙ
කිසි වටිනාකමක්
නැතුව ඇති.
නිකන්
වචන ටිකක්
වෙන්න ඇති.

මොකද,
ඔයා
ඒක කියවල,
මට කිව්වෙ
"මට තේරුන් නෑ" කියල.


ලියා එව්වේ - හිම කුමාරි (http://himakumari.blogspot.com/)

7 comments:

  1. නියමයි හිම කුමාරි.

    ReplyDelete
  2. හැබැයි හැම කොල්ලම එහෙම නෑ හොදේ

    ReplyDelete
  3. ඔන්න යාළුවනේ ඔයාලගෙ හිතේ පුරවගෙන තිස්සෙම ආවර්ජනය කරන පළමු පෙම ගැන කාට හරි කියල හිත හෑල්ලු කරගන්න අවස්ථාවක් !!

    වචන 1500 කට විතර කෙටි කරලා
    ලස්සනට ගලපලා ලියන්න බලන්න.... අමාරුයි තමා....

    http://palamupema.blogspot.com

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...