Friday, September 23, 2011

රොබෝ ආවේශය

මං හිටියේ ඊයේ යුද්දෙක
ඔප්ටිමස් ප්‍රයිම් දැන් හරි උස ගිය
ඒත් සෙන්ටිනල් ඊටත් වඩා උස
පපුතුරේ යකඩ පට්ටම්
උරහිසේ කැපෙන කඩු
පෘථිවියේ හරි ජරමර
අහස් පාලමෙන්
හඳේ වුන් පොළොවට පනින
අපිට ඕනෑ මේ පොළොව
ගර්ජනා කරමින් ඉල්ලා සිටින

සෑම් විට්විකී හරි පෙම්බර
කාලි ස්පෙන්සර් හිත කරකවන
මේ මහා සටන් මැද
ඔවුනොවුන් සිපගන්න

සයිබර්ත්‍රෝනියාවෙන්
සාම හමුදා එවන
හඳේ මායමකට ‍රැවට
එහිම නතරවන

මෙගාත්‍රොන් දැලිපිහි කරකවන
ඒ පිහියෙන්ම මිනිසුන්ට කිරි කවන

ඔප්ටිමස් ප්‍රයිමයා අත නැති වුණ
තූතූ කර දැමූවා
හරි උස සෙන්ටිනල් තෙම

මේ සියලු සටන් මැද
පෙම් යුවළ
අත් බැදගෙනම එහේ මෙහේ දුවන

මේවා හරි ජාති සිනමාපට
ඔක්ටමස් ප්‍රයිම් නම්හරි උස


ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)

6 comments:

  1. මොකද්ද බොලේ මේ!
    පද පෙළ නං හොඳට ලියල.
    හැබැයි මට නං ග්‍රීක් වගේ.
    පොඩ්ඩක් පැහැදිලි කළා නං.

    ReplyDelete
  2. මේකනම් මටත් ග්‍රීක් වගේ තමා.........

    ReplyDelete
  3. කස්ටිය transformers films බලලා නැ වගෙයි.......

    ReplyDelete
  4. කවද කාපු ටකරන්ද?
    ඇත්තටම ඕක බලල නෑ.
    දැන් තමා පොඩ්ඩක් විතර මෙව්ව උනේ.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...