Monday, September 19, 2011

බැස්කර්විල් බලු ‍රැළක්

රකුසු වෙස් ගෙන
මුඩුබිමට මා
නිතර එලවන
ආදි කල්පිත සත්වයෙකු ඇත
මගේ සිහිනෙක

කොටස් වශයෙන්ද
මා බය කරන
අඩ නින්දකින් වුව වැළපෙන
මේ දරුණු සාපය නිම කර
අකමැතිද එන්න මා සිහිනෙට

තූතන්කාමන්ටත් වඩා බලගතු
අයෙකි ඔබ නම් පෙම්වත
මෙතරමින් මා බය කළ
යකා නොපෙනන අයුරු ඔබ හට

සීනි බෝල කෑ විට
එහෙම වෙන බව කීවට
මුඩු බිමේ ඒ යකු හට
එක දතක් වත් නැත මගේ මතකෙට

බැස්කර්විල් දඩ බලු ‍රැළක් මට
ගෙනැත් දෙන්නට හැකිනෙ ඔබ හට

මගේ ඇද යට
එක්කො අයිනක
පාක් කරනට හැකිනෙ බලු ‍රැල
බුර බුරා උන් ඉදී එතකොට

අනේ පෙම්වත බෑ කියා හෙම
ගියොත් තරහයි මෙවරනම් මම

ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)

2 comments:

  1. ලස්සනයි සුන්දරයි...අහිංසකයි..

    ReplyDelete
  2. ඔය අතීත සීනිබෝල සාපයට
    ලක්වූ දනන්ගේ ලිපි මහත් ඇත
    හඬන වැලපෙන සොටු ගලන
    වෙඩි තබන්නට නොහැකියාවෙන් ලතවෙන

    උන් හැමට ඔය කියන
    බැස්කවිල් බලු එක බැගින් ගෙන
    දුන මැනවි
    ලැබුණොත් ඔබට

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...