Friday, September 16, 2011

ලොකු වෙනසක්!

දවසක් මල්ලිගෙ යාළුවො කට්ටියක් පෝස්ටර් ගහන්න ගිහින් පාප්ප මදි වෙලා.
එතකොට රෑ දොළහත් පහුවෙලා.
අවට ගෙවල් සේරමත් අඳුරේ ගිලී තිබුණා.
වෙලාවට අපේ ගේ තිබුණෙ එතනට කිට්ටුවෙන්.
එයාල අපේ ගෙදරට දුවගෙන ඇවිත් පාන්පිටි ඉල්ලුවා.
ඊයෙ හැන්දෑවෙ රොටී පිච්චුවෙ ඉතිරි පිටි ටිකෙන් මල්ලියෙ කිව්වම මල්ලිලා මැලවිලා ගියා.
එළිවෙන්ඩ කලින් පෝස්ටර් ටික වැදිල තියෙන්ඩෝන අක්කෙ කිව්වම මට වාවන්නැතුව ගියා.
ඒත් මට දැනුණා මොනවද කරන්නෝනි කියලා.
රත්ති රසයි උකුයි නිසා වැඩි පාප්ප ප්‍රමාණයක් හදන්න පුළුවන් ඇතිනෙ කියල දැම්මෙත් කිරි පිටි පැකට් භාගයයි.
ඉතින් එදා මල්ලිගෙ යාළුවන්ගෙ පෝස්ටර් ව්‍යාපාරෙ වෙනුවෙන් ලොකු වෙනසක් කරන්න රත්ති අපිට උදව් වුණා.
මල්ලිගෙ යාළුවොත් දැන් මට කියන්නෙ නුවණක්කාර අක්කා කියලා.

ලියා එව්වේ - මගේ ජීවිතය

10 comments:

  1. හික්ස්................. මල්ලි වෙනුවෙන් ලොකු වෙනසක් කරලා වගෙයි අක්කා......

    ReplyDelete
  2. පාප්ප හදන්න හරි ගත්තෙ රත්ති නිසා ඔයා නුවනක්කාර වෙන්නම එපැයි... :D

    ReplyDelete
  3. රත්ති වගේ නුවණකාරයන්ගේ තේරිමක් වගේම සිය රට දේ නේ... ඇති යන්තම් ත්‍රශ්තවාදයෙක් නොවී බේරුනා.....

    ReplyDelete
  4. අපූරුවට ලියල තියෙනවා.
    මුලදි හිතුනෙ හරි අනුවේදනීය කතාවක් කියන්ඩයි යන්නෙ කියල.
    මරු!

    ReplyDelete
  5. නියමයි නුවණක්කාර අක්කේ.. ;)

    ReplyDelete
  6. @සබිත් හික්ස්... :-D

    @හා පැටික්කි: තාම ඒ ලොකු වෙනස කළේ නෑ හා පැටික්කියේ. එහෙම වුණොත් කරන්න වෙන්නෙ මෙහෙම තමයි :-D

    @සුධීර ස්තූතියි :D

    @ හරේ:-) ඔව්නේ :-D

    @ Il mondo.... ඒක ඇත්ත ඒත් මොනව කරන්නද? :-D

    @ පොත් ගුල්ලා ස්තූතියි ගුල්ලෝ අනුවේදනීයයි නේද? :-D

    @ හූනා ස්තූතියි මැක්ස් එකට :-D

    @ හිම කුමාරි අනේ ස්තූතියි හිම කුමාරියේ :-D

    ReplyDelete
  7. නුවණක්කාර + සල්ලිකාරයො වෙන්න ඕන. පාප්ප හදන්නෙත් කිරිපිටි වලින්. :D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...