Saturday, August 27, 2011

කොහොම කියන්නද

මට ඔයාට කියන්න දෙයක් තියනවා.
මේක ඔයාට නොකියම හිතේම තියන් ඉන්න ගොඩාක් උත්සාහ කළා.
ඒත් මට තවත් ඉන්න බෑ වගේ දැනෙනවා.
මං අද ඒක ඔයාට කියනවා.
ඒත් ඒක කිව්වම ඔයා මං ගැන මොන විදියට හිතයිද දන්නැහැ.
කෙල්ලෙක් කොල්ලෙක්ට මුලින්ම ආදරෙයි කියන එක අසාමාන්‍යයි වගේ දැනෙනවා තමයි.
ඒත් හැඟීම් තියෙන්නෙ පිරිමි අයට විතරක් නෙවෙයි කියල ඔයා විශ්වාස කරනව නේද?
ඔයාව නොදැකම මං ඔයාට ආදරය කරන්න අරන්.
මේක බලල මට හිනා වෙන්නවත් මගෙන් ඈත් වෙන්නවත් එපා.
මං මෙහෙම දෙයක් කිව්වෙ නෑ වගේ මාත් එක්ක සුපුරුදු විදියටම කතාකරන්න.
මට ඕනි වුණේ ඔයාට මං ආදරය කරනව කියල කියන්න විතරයි.
මට ඔයා ආදරය කළත් නැතත්.


ලියා එව්වේ - සූටික්කී

7 comments:

  1. මාත් ආ ද රෙ යි ඔයාට....! මටත් කියාගන්න බැරිවයි හිටියේ :)

    ReplyDelete
  2. "ඒත් හැඟීම් තියෙන්නෙ පිරිමි අයට විතරක් නෙවෙයි"
    සහතික ඇත්ත!

    ReplyDelete
  3. අර අපේ මකුළු පැංචිගේ ආදර කතාව සිහි උනා.........

    ReplyDelete
  4. පලවෙනි පාර කියන්න සෑහෙන ට්‍රයි කරන්න ඕන .......
    ඇයි දන්නෙ නැහැ ඒ නේ .....

    ReplyDelete
  5. ඕක හැම කෙනෙක්ම අත්දකින අමතක නොවෙන අත්දැකීමක්.. සුන්දරයි

    ReplyDelete
  6. මං හිතා හිටියෙ ගෑනු ළමය් දන්නෙ ගනං උස්සන්න විතරය් කියල.....හෙහ්...හෙහ්.....හෙහ්....

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...