Thursday, August 25, 2011

ආදරය,වර්තනය හා ක්ෂිතිජය

ආදරය, මේ පුදුමාකාර වචනයෙ පොට වරද්ද ගත්ත එවුන් කොච්චර ඇද්ද. තමන් ආදරය කරපු එකා තමන්ව දාල ගියා නම්, ඌ හින්ද තම අනාථ වෙලත් නැත්නම් උගෙ කකුල් බදාගෙන ආදරය ඉල්ලන්න ඕන නැහැනෙ.

ජීවිතය හින්දි ‍ෆිල්ම් එකක් නෙමෙයි. උඹල තනිවෙලා විඳින දුක ඌට දැනිල මහ වැස්සක කුඩයක් ඉහලන්නෙ නැහැ උඹට. ළිඳේ වැ‍ටුන මිනිහා ගොඩ එන්න ඔනෙ ළිං කටින්මයි. ළිඳ ඇතුලට වෙලා අඬ අඬ හිටියට ලිඳේ වතුර වැඩි වෙන්නෙත් නෑ බොර වෙනවා විතරයි. ඌ උඹලට පාට පාට දේදුන්නක් මැවුවට උඹලට පේන්නෙ ආලෝක වර්තනය වෙලා එන දෘශ්ඨි මායාවක් විතරයි. ක්ෂිතිජ රේඛාවේ මිරිඟුව ලස්සනයි. හැබැයි උඹල දියඹට බැහැල ඒක හොයාගෙන පීනන්න එපා, හම්බවෙන එකක් නැහැ.


ලියා එව්වේ - පියසටහන් (www.piyasatahan.tk)

10 comments:

  1. ක්ෂිතිජය හමු වෙන එකක් නෙවෙයි. ඒ නිසා වර්තනය වෙලා එන කිරණ වලින් සැනසෙන්න පුරුදු වෙන්න වෙයි. හැබැයි ක්ෂිතිජය ලස්සනයි කියන බලාපොරොත්තුවෙ ඉන්නත් ඕන නම් පුළුවන්!

    ReplyDelete
  2. සිරා කතාව...පීනන්න හිතන්නෙවත් නෑ.

    ReplyDelete
  3. "ආදරය, මේ පුදුමාකාර වචනයෙ පොට වරද්ද ගත්ත එවුන් කොච්චර ඇද්ද. තමන් ආදරය කරපු එකා තමන්ව දාල ගියා නම්, ඌ හින්ද තම අනාථ වෙලත් නැත්නම් උගෙ කකුල් බදාගෙන ආදරය ඉල්ලන්න ඕන නැහැනෙ."

    ආදරය කරල බලපන්. අකමැත්තෙන් හරි එහෙම කරන්න වෙයි. අඩුගානෙ දවස් කිහිපයක් යනකන්, වෙන්වුනොත්.

    කවුද මෙහෙම කියල තියෙනවා හින්දි ෆිල්ම් ගැන.
    "කවුද කියන්නෙ හින්දි ෆිල්ම් තාත්වික නෑ කියල? නළුව සතුටෙන් ඉන්නකොට ඌ වටේට හැම එකාම ඇවිත් නටනව. ඒත් ඌ අඬනකොට? ළඟපාත එකෙක්වත් නෑ!"

    කියන්න ලේසියි. කරන්න අමාරුයි. ඔහොම කරන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද. ඒත් එහෙම කරන්න පුලුවන් සීයෙන් එකටයි. විඳවල විඳවල තේරුම්ගත්තට පස්සෙයි ඔය අඬන දොඩන වැඩ නතර වෙන්නෙ. :) නැතුව හිතල දැන් නවත්තනව කියල නතර කරන්න බෑ.

    ReplyDelete
  4. දනිමි. මේකෙ පිටුපස කතාව කියනව නම්, ලියුවෙ ජීවිතේ නැතිකරගන්න හිටපු මිතුරියක් වෙනුවෙන්. සමහරවිට ඇයත් අර සීයෙන් එක්කෙනෙක් වෙන්න ඇති. මොකද ඇය තවම ජීවතුන් අතර :)

    ReplyDelete
  5. කතාවෙන් ගත යුතු ආදර්ශය....."පීනන්න යනව නං, තටාකයක මිස මූදට බැසීම අනතුරුදායකය්"

    (විහිළුවක් කලේ ගනං ගන්න එපා)

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...