Saturday, August 20, 2011

දොස්තරගෙ උපදේශෙ

නෝන මහත්තයෙක් ආව දොස්තර මුණගැහෙන්න. මූන හොඳටම ඉදිමිලා. ඇහුවම මොකද වුනේ කියල "මගෙ මනුස්සය බීල ආවාම මට කම්බුලට ගහනව" කිව්ව. දොස්තර කිව්ව "ඕකට තියෙනවා ප්‍රතිකර්මයක්, මහත්තය බීල ගෙදර එන වෙලාවට කටේ වතුර පුරෝගෙන, වතුර කට වටේ කරකවමින් ඉන්න. මහත්තයට නින්ද ගියා කියල සැක ඇරෙන කං වතුර ටික කටින් හලන්න එපා" කියල.

සතියකින් නෝන මහත්තය ආව නැවත දොස්තර මහත්තයව මුණ ගැහෙන්න. නෝන හරි සන්තෝසෙන්, හරියට අලුත් නෝන කෙනෙක්, නැවත උපන්න වගේ. "ඩොක්ටර් වැඩේ නං හරියටම හරි, එයා ඊට පස්සෙ නං මට අත තිබ්බෙවත් නැහැ, ඒත් කොහොමද වතුරෙන් ඔය වැඩේ වුනේ?" කියල ඇහැව්ව.

දොස්තර කිව්වා "වතුරෙන් වුනේ, ඔයාගෙ කට වහල තිබ්බ එක"කියල.


ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

15 comments:

  1. ඔබ්සර්වර් මාමාටත් හිතෙන එව්වා

    ReplyDelete
  2. සිරාම සිරා

    ReplyDelete
  3. ආ මේක මම ලාස්ට්‍ රෝ එකෙන් කියෙව්වා. ඔබා මාමා මයි ලියලා තිබ්බේ :)

    ReplyDelete
  4. එල එල.... ගැණු කට පියාගෙන ඉන්නවනම් ගෙවල් වල වලි යන්නෙ නෑ....! ගෘහස්ථ ප්‍රජණ්ඩත්වය පිටු දැකීමට නම්, ගෑණුන්ට මුඛ වාඩම් යොදනු....!

    ReplyDelete
  5. එල එල ඕක ඇත්තටම වැඩ කරන තියරියක් හික්ස් ..............

    ReplyDelete
  6. දුමී අයියට හදිස්සියටද සතුටටද මංදා අකුරුත් පැටලිලා........

    ReplyDelete
  7. ඔබා අයියගේ කටේ රුබියලක් දාන්න වටිනවා.කාන්තා හිංසනය අනං මනං කිය කිය බොඩ් එල්ලං කෑගැහුවට උන්ට ඔහොම වෙන්නේ පැත්තක ඉන්න පිරිමි්ට පාඩුවේ ඉනින දෙන්නැති හනදා තමා

    ReplyDelete
  8. ඔබා මාම ඊට පස්සෙ සතුටින් ජීවත් උනාලු..

    ReplyDelete
  9. හොදායි.. ඔහොම යං

    ReplyDelete
  10. "උඹ දන්නවනේ රොමෝ " style එකෙන් ඔබීට message එකක්වත්ද ?

    ReplyDelete
  11. මැක්සා . . . . හික් හික් හික්

    ReplyDelete
  12. කොමෙන්ට් දාපු කෙල්ලන්ට කොල්ලන්ට තෑන්ක් යූ වේවා...!!!!

    ReplyDelete
  13. මේක දැක්කේ අදයි . . නියමයි :D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...