Friday, August 5, 2011

බච්චාවෝ...

ටවුම මැද තිබුණ පරණ රත් හඳුන් ගහක්.

ඒ ගහේ වයස කියන්න පුළුවන් කෙනෙක් හිටියෙ නෑ. ටවුමෙ කෞතුකාගාරෙ තියෙන අවුරුදු එකසිය පණහකට විතර කලින් ගත්තු පින්තූර වලත් ගහ ඒ වගේම තියෙනවා.

රවුන්ඩබවුට් එක වටේ පාර ලොකු කරන්න ඕන කියල ආණ්ඩුකාරයට හිතිලා ඒකට යෝග්‍යතා අධ්‍යයනෙ කැ‍ඳෙව්වා.

වැඩේ කරන්න නම් රත් හඳුන් ගහ කපන්න වෙනවා.

ගහ වගේද පාර? ඔන්න ගහ කපන්න තීරණය වුණා.

ඒකට පරිසරවේදියො සෙට් එක ඇවිස්සුණා. රත් හඳුන් ගහ වෙනුවෙන් සංවිධාන කීපයක්ම හැදුණා. දවස් කීපයක් ඇතුලත කට්ටිය හතලිහක් පණහක් සෙට් වුණා ගහ ගාවට.

එකෙක් "හඳුන් ගහ බේරාගනිමු" කියල ගහපු බෝඩ් ටිකක් අඟලෙ ඇණ වලින් ගහ වටේ ගැහුව.

පටන් ගත්ත කෑ ගැහිල්ල.


ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)

9 comments:

  1. මොලේ තමා මුන්ගෙ මොලේ

    ReplyDelete
  2. "එකෙක් "හඳුන් ගහ බේරාගනිමු" කියල ගහපු බෝඩ් ටිකක් අඟලෙ ඇණ වලින් ගහ වටේ ගැහුවා"
    පට්ට!

    ReplyDelete
  3. අන්න එහෙමනේ ඉන්න ඕනේ.. :D

    ReplyDelete
  4. Badulle seen eka gena neda meee kiyanne,wedenam hodai mokada watina gahak keepa denekuge uwamanaawata kapanna denna beee.....hebei oya gaha nokapa inneth neee mokada Asiawe ashcharya karann abappata help karanna one nede....:D

    ReplyDelete
  5. පරිසර හිතකාමී ඇණ ගසන්නෝ....!

    ReplyDelete
  6. දැන් ඔය ගහ රැක ගන්න යන අය ගහන ඇණ වලින් ඒ ගහ මැරෙන්නේ නැද්ද...
    අනේ පවු ආසාවනේ... කොයි එකත් එකයි අන්තිමට....

    ReplyDelete
  7. අහෝ ඛේදයකි....

    ReplyDelete
  8. ගහ රත්හඳුන් හරි ඇටි කෙහෙල් හරි.. බදුල්ලේ බණ්ඩාරවෙල පාරේ තිබුන දැවැන්ත මාර ගස් පේලිය කිසිම හැඟීමක් නැතිව කුට්ටි කරගෙන ගිය හැටි දැක්කම නම් රිදුනා ගොඩාක්.. රත් හඳුන් ගහත් බේරෙයි කියලා හිතන්න බෑ.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...