Wednesday, July 27, 2011

අපි වෙනුවෙන් අපි......

"ඔන්න බලන්න මුදලාලි, බඩු ටික ගත්තට දාගෙන යන්න හරිහමන් මනුස්සයෙක් නෑනේ ත්‍රීවිල් පාර්ක්‌ එකේ?"

"ඇයි නෝනා අර තියන ත්‍රීවිල් එක?"

"අපෝ ඌත් එක්ක ගියහැකිද මුදලාලි? මූණේ තියන මුසලකම. මූණ පුරා තුවාල කැරළි. වෙන එකක් එනකම් පොඩ්ඩක් බලනවා. හැබෑටම කව්ද ඒ? ලඟදි නේද මෙතෙන්ට ආවේ?"

"ඔය කුලී වැඩ කරපු පියදාසගේ ලොකු කොලුවනේ. හමුදාවේ හිටියේ. පුදුකුඩිඉරිප්පු වලදී මෝටාර් එකක්ද කොහෙද වැදිලා එලෝ මෙලෝ නැතුව හිටියේ. මයේ හිතේ කොල්ලා අවුරුද්දකට වඩා ඉස්පිරිතාලේ හිටියා. කට්ටිය හිතුවේ මැරෙයිම කියලා. ඔය මූණපුරා තියෙන්නේ ඒ වෙච්ච තුවාලවල කැලලි. හමුදාවෙන් විශ්‍රාම අරන් ගමට ආවට පස්සේ කොල්ලෝ ටික ඌව දාගත්තා ත්‍රීවිල් පාර්ක්‌ එකට. ඌත් ඉතින් ජිවත් වෙන්න එපැයි නෝනා...."

ලියා එව්වේ - ගොඩයා (http://godayan.blogspot.com/)

12 comments:

  1. මෝටාර් එකක් තමයි...

    ReplyDelete
  2. නියමෙට වදින්න ලියල තියෙනවා, ගොඩයො.

    ReplyDelete
  3. ඇත්තටම ගහපු මෝටාර් එක පපුවටම වැදුනා , හෑබෑට යුද්ධෙ දිනපු දවස් වල හිටපු රණ විරුවො දැන් කෝ.....................

    ReplyDelete
  4. යුද්දේ තියෙනකොට අපි වෙනුවෙන් අපි, යුද්දෙන් පස්සෙ උන් වෙනුවෙන් කවුද ? දහස් ගණනක් අපේ කොල්ලෝ, අත පය නැතිව, (මම දන්න එක්කෙනෙක්ගෙ තියෙන්නෙ එක අතක් විතරයි, කකුල් දෙකම නෑ ) , ජීවත් වෙන්න විතරක් නෙමෙයි, අඩු ගානේ තමන්ගේ ශරීර කෘත්‍යවත් තනියම කරගන්න බැරිව අසරණ වෙලා ඉන්නවා. අවුරුදු 19, 20 තමන්ගේ පුතාව වඩාගෙන වැසිකිලියට යන්නේ අවුරුදු 60ක් 70ක් වයස අම්මා, එහෙම නැතිනම් තාත්තා. මේක තමයි යථාර්තය. පොඩ්ඩක් රණවිරු සෙවනට ඔළුවදාල බලන්න....!

    ReplyDelete
  5. නියම කතාව ගොඩයෝ... අර නන්ද නැන්දගෙ පූජාසනේ සින්දුවෙත් ඔය කියන්නෙ මේ කතාව...

    ත්‍රීවීල් රියදුරන් ගත්තම ඔය පෙනුම රළු අයගෙ වීල් වලට කාන්තාවො ගොඩවෙන්න බය වෙන එක සාධාරණයි එක අතකට.

    ReplyDelete
  6. කාලෙකට පස්සේ කියවපු හිතට වැදෙන්න ලියල තියන කතාවක් ...............

    ReplyDelete
  7. වචන 100 ට ලකුණු 100 න් 100 ක් මගෙන්.

    ReplyDelete
  8. අප්පා බොක්කටම වැදුනා මගේ.අපි වෙනුවෙන් අපි.

    ReplyDelete
  9. නියමයි අයියේ....ඔය වගේ සිද්දි කොච්චර මේ සිරි ලංකාවේ වෙනවද ඇත්තටම....

    ReplyDelete
  10. දුමී කිව්ව වගේ ඇත්තටම රණවිරු සෙවනට ගිහින් බලන්න පුළුවන් අය.
    හැකි උපකාරෙකුත් කරන්න.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...