Saturday, July 23, 2011

රතු පාට පුස් පැටියෙක්

බං බොරු කියන්නෙ නැ අම්මෙ..!!
මං රතු පාට පුස් පැටියෙක් වඩා ගත්තා..
ඒකයි මේ.. :(
මල්ලි පල්ලා.. ඇත්තමයි

ඒයි මෙන්නෝඕඕ කෙල්ල ලොකු ළමයෙක් වෙලා..

මල මගුලයි.. මං කිවා ගැනියේ උඹට.. ඔය අනම් මනම්
බයෝටික් තියෙන යෝගට් බඩට ඔබන්න එපා කියලා..
ඇහුවයැ ? දවසට 2-3 ක් ඔබනවා.. දැන් දියල්ලාකො පාර්ටි..
පාං ගෙඩියක්ම කීයද දැන් ?
මේ පාං කියා ගන්න බැරිව මං ඉන්නවා..
ඒ අස්සෙ කෙල්ල ලොකු ළමයෙක් වෙලා..

මොකද ලොකු ළමයෙක් උණාට පාර්ටි දෙන්න කියලා
සමෘදියවත් දෙනවයැ ?
ආසනික් දෙයියොම බලන්න ඔනේ මෙව්වා
අනේ මේ රූප පෙට්ටියේ අනම් මනම් පෙන්වන උන්ට නම්
වැහී නැති අකුණු වදින්ටොන..!

ඔහොම කැ ගහන්න එපා මනුස්සයෝ.....

ලියා එව්වේ - බනියා (http://freeanushka.blogspot.com/)

10 comments:

  1. වැහි නැති ටොකු..! මරු සීය..!

    ReplyDelete
  2. බනීට දැන් තියෙන්නෙ හරි ලොකු අමාරු.
    කෙල්ලො ලොකු ලමයි වෙන ඒවයි, තුරුල් කරන් ඉඹින ඒවයි, සීතල දැනෙන ඒවයි, කොටින්ම වැඩිහිටියන්ට පමණයි සිතුවිලි විතරයි බනිගෙ ඔලුවට එන්නෙ. මේ ඌට ඒව මැජික් කාලෙ නිසා වෙන්න ඇති.
    කොහොම උනත් මූණු පොතෙයි, බ්ලොග් වලයි ඔය කාරනා උලුප්පන්න යන්න එපා ඕනවට වැඩිය. පොඩි වයසට නිකන් නෝන්ඩි වෙන්න එපා. ඒවා දකින අය හිතන්නෙ මානසික අසහනයක් තියෙනව කියල එව්වම ඕන වෙලාවක කියවන්න. මට හිතෙන්නෙත් එහෙමයි බනී ගැන.

    ReplyDelete
  3. අනේ පව් බනි අය්ය එහෙම නෑ.විකාර ඈඩ් වලටනම් හොද වෑඩේ

    ReplyDelete
  4. හරි.. අසහනයක් තිබ්බා කියමු.. ඒක තුලිං මං මොනා හරි දෙයක් ලිවා..
    දැන් මට කියන්නෙ.. ඔය අසහානේ.. අනික් මිනිස්සු මං ගැන වැරැදියට හිතයි කියලා මං ලියන දේ නවත්තන්න කියලද ?

    ReplyDelete
  5. බනියා ලියහං උඹට ඕනි දේ කොලුවො. අසහනයක් තියේ නං ඒක පිට කොරගන්ටෙපෑ.... හිර කොරාගෙන ඉදල අසහනකාරි වැඩ කොරනවට වඩා හොදා මේ ආකාරෙට පිට කොරල සහනයක් ඇති කොරගන්න එක කියලයි මටනං හිතෙන්නෙ හික්ස්....

    දැං ඉතිං දීපංකො පාටි. මං මේ පාං කියාගන්න බැරුව ඉන්නවා.... :P බනිය කතාව නං හැබෑව... හික්ස්

    ReplyDelete
  6. අනේ ඔන්න ඔහේ හිතේ තියන එව්වා ලියලා දාන්න...මට මොකෝ :P

    ඒක නෙවේ මේකට ලියන්නකෝ රස වින්දනය පාඩමක්...පොඩ්ඩක් තේරුනේ නැහැ වගේ..රතු පුසෙක් වඩා ගත්තම මෙහෙම වෙනවා කියලා කියන දැන්වීමක් වත් යනවද දැන් ටී වී එකේ ?

    ReplyDelete
  7. ඔන්න ඔහේ හිතන දේ ලියන්න බනියෝ.. ඔය වගේ දෙයක්වත් නොහිතෙන අය කොයි තරම් නම් ඉන්නවද? කතාව නම් මරේ මරු..

    ReplyDelete
  8. සැලෙන්න එපා බනියා.. අපි උබ ලියනදේවල් බලල හිතනවා
    ඒ කියන්නෙ උබ සාර්ථකයි!

    ReplyDelete
  9. බනියා වඩා ගත යුත්තේ හාවෙකි...

    ReplyDelete
  10. උඹට ඕන ඒව ලියපං බනියෝ..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...