Sunday, July 17, 2011

රුපියල් දහය

"ලොකු පුතේ ගිහින් පාං ගෙඩියක් ගේන්න..."

"අම්මේ, මට සව්කොල තුනක් ඕනෙ, සිසිර අයියා හදලා දුන්න සරුංගලේට...”

"සරුංගල්වල අලවන්න දෙන්න සල්ලි නෑ මට....."

බයිසිකල් රිම් එක කෝටුවකින් පැදගෙන මම දිව්වා කඩේට. එහා ගෙදර සුරංගි නංගිගේ තාත්තා අදත් බීලා, වැනි වැනි එනවා පාර දිගේ......

"පාරේ අයිනේ රුපියල් දහයක් වැටිලා... හුරේ... සව්කොල ගැත්තෑකි..."

"ඇන්ටී....!" අපේ දොර ගාව සුරංගි නංගී කෑ ගහනවා...

"මොකද පුතේ....?" අම්මා අහනවා.

"මල්ලි බඩගින්නේ අඬනවා. අම්මා හාල් හුණ්ඩුවක් තියෙනවනම් ඉල්ලං එන්න කිව්වා. හාල් ගන්න දීපු රුපියල් දහය තාත්තා නැති කරගෙන........"

ඉංග්‍රීසි කොඩිය අලෝපු කොම්බුවට රැලි කපන අතරේ මට යාන්තන් ඇහුනා..........

කොහෙන් හරි ආපු මැස්සෙක් පාප්ප පොල් කට්ටට වැටිලා දඟලන්න ගත්තා.........

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

11 comments:

  1. මේක ගොඩක් ඉස්සර කතාවක් වෙන්ටැති නේද ?

    නැතිනම් අද කාලේ රු 10 ට හාල් ඇට 10 ක් වත් ගන්න බැහැනේ..

    ReplyDelete
  2. මේක නම් වැදුණා හොඳටම

    ReplyDelete
  3. මේ වගේ කථා කීපයක්ම කියවලා තියෙනවා....

    ReplyDelete
  4. ෂා........ වචන සීය ඇතුලේ කතාව අපූරුවට ගලපලා තියනවා

    ReplyDelete
  5. 1986 , මම හයේ පන්තියේදි ඉන්නකොට සිද්ධ වෙච්ච ඇත්තම සිද්ධියක්...!

    ReplyDelete
  6. නියමයි... හිතේ මාර බරක් තැන්පත් වුණා. ලොකු සුසුමක් ඕන වුණා ඒක පිට කරන්න.

    ReplyDelete
  7. වචන සීයක්, අනුවේදනීය කතාවක්......

    ReplyDelete
  8. ලස්සනයි දුමියා...

    හාල් හුණ්ඩුව දීලා, බොරු කියලා හාල් ඉල්ලන්න එනවා කියලා සුරංගි නංගිට බණින හැටිත් ‍රැලි කපන අතරේ අහන් ඉන්න වුනොත් සීය පනීවි නේ... :(

    ReplyDelete
  9. ඊට පස්සෙ තමන් ආසම කරන වැඩේ ලොකු ගිල්ටි එකකුත් එක්ක කරපු අත්දැකීම් ගොඩක් මතක් උනා

    ReplyDelete
  10. බොක්කටම වැදුන...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...