Wednesday, January 23, 2013

දෙවන මනමාලයා

කවුද මේ උදේ පාන්දරම වද දෙන්නෙ, තාම එලාම් එක වැදුනෙත් නෑ,
මට ඔයාව පොඩ්ඩක් මීට් වෙන්න පුලුවන්ද? ඒ ඇයගෙන්ය,
ඇය කතා කලේ සෑහෙන කාලෙකින්ය,
එහෙත් මට වචන නොගැලපෙන සෙයකි,
මම දැක්ක ඔයාව, ඔය වෙනස් වෙලා, කෙට්ටු වෙලා,
මම නෑ.... ඔව් ටිකක්.....
ඔයා මැරි කරන්නෙ නැද්ද?
එය කිණිසි පහරකි.. එත් ගලයාමට තරම් තවත් රුධිරය මා සතුව නොතිබිණි,
ඇයට මෙතරම් නපුරු වීමට පුලුවන්ද?
ඔයා තරහද?
නෑ
මම දෙයක් කියන්න එන්න කිව්වෙ,
ආව..ඉතින් කියන්න අහගෙන ඉන්නෙ...
මම මැරි කරනවා,
ඇය දෙස වික්ෂිප්තව  බල සිටියෙමි,
ඔයාට බෙස්ට්මන් ට ඉන්න පුලුවන්ද?
දෙනෙත කෙළවරෙහි නලියමින් තිබු කඳුලු බිංදු කිහිපයක් දෙකොපුල් මතින් රූටා කමිසය මත බොඳ විණි.

ලියා එව්වේ - සටපික්වලයා

7 comments:

  1. මං නම් මෙලහට්ට හුප් පදයක් කියලා !

    ReplyDelete
  2. ඔයිට සමානයි..
    අපි යාළුවෝ වගේ ඉමු!!!

    ReplyDelete
  3. අලේ මන්දා ගෑණු ළමයි ඔහොම්මයි

    ReplyDelete
  4. ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
    නයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!

    ReplyDelete
  5. A reasonable argument. Ela..

    ReplyDelete
  6. ඔහොම උන පලවෙනියාත් අන්තිමයාත්, උබවත් මමවත් නෙමේ.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...