Tuesday, January 1, 2013

මකුළු රාළගේ සුනාමි ට්‍රිප් එක...

මකුළු රාළ පරාළෙ උඩ පැත්තෙ පොඩි දැලක් වියා ගත්තෙ සුනාමිය ළඟ බව දැණුන නිසයි. අවුරුද්දකට කීප වතාවක්ම මකුළු රාළලාට සුනාමි එනවා. මේ වතාවෙත් මහ සද්දෙන් සුනාමිය එද්දි මකුළු රාළ පරාළෙ උඩ ඉඳන් බලාගෙන හිටියා.

පරාලෙ යටට වෙන්න බිත්ති කොනකුත් අල්ලලා විසාලෙට වියල තිබුණ දැල ලොකු කොස්සක් ඇවිත් කඩාගෙන ගියා. ගෙදර අයිතිකාරය කාලෙකට පස්සෙ මකුළු දැල් කඩනව. මිනිහට අළුත් අවුරුද්දක් ලබනව. උන්දැ ගජරාමෙට ගෙවල් සුද්ද කරනව.

ඕක දැන් මකුළු රාළලාට ගාණක් නෑ. සුනාමි කාලෙට පරාළෙ උඩ පැත්තට ට්‍රිප් එකක් යනවා...

දවස් කීපෙකින් තිබුණ වගේම පරාළෙ පහලින් ලොකු දැලක් වියන එක පට්ට ආතල් වැඩක්...

උන්ට සුභ අළුත් අවුරුද්දක් වෙච්චාවෙ...

මකුළු රාළ හිතුවා.


ලියා එව්වේ - hare :-)

7 comments:

  1. සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....

    ReplyDelete
  2. :D :D :D
    එසේම වෙච්චාවේ! :D

    ReplyDelete
  3. සුභ අලුත් අවුරුද්දක් වෙච්චාවේ

    ReplyDelete
  4. නියම ලිපියක්.ඔයාට සුභ නව වසරක් වේවා.මම සිංහ පීඩියාව ලියන යසිරු
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  5. සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  6. ඇයි මකුළු රාළත් කැමති ඇති තමන්ගේ දූවිලි හැදිලා කළු වෙලා තියෙන ගේ අළුත් පාටින් හදා ගන්න...!

    ReplyDelete
    Replies
    1. හදපු ගේ කඩාගන්න බැරුව ඉන්නවා නම් නොමිලේ සර්විස් එක ලැබෙනවා.

      Delete


Related Posts Plugin for WordPress, Blogger...