Wednesday, January 2, 2013

සල්ලි දෙවියන්ගේ මල්ලි

අන්නාසි, ඇපල්, බෙලි, පේර, දිවුල්, කෙසෙල්ගෙඩි, මිදී, සීනි කැකිරි වගේ තෝරා ගත්ත පලතුරු කිහිපයක් වට්ටියක පිළිවෙලට තියල රතු නැත්නම් නිල් පාට මල් මාලයක් දානවා. සමහර පලතුරු තියන්නේ දෙකට කපල. ඒත් සමහර පලතුරු වර්ග පොත්ත පිටින්ම තියනවා. ඒ මදිවට එක උඩින් බුලත් කොලයක් තියලා, එකටත් උඩින් ඉස්සර නම් වර්නසේන රාසපුත්‍රම් අත්සන් කරපු සීයේ කොලයක් තියනවා. දැන්නම් දාහෙන් උඩ කොලයක් තමයි තියෙන්න ඕනේ. ඇත්තටම මේ දෙවියෝ මේ වගේ පලතුරු කෑලි ටිකකට අහු වෙන හැටි දැක්කහම වෙලාවකට හිතෙනවා දෙවියොත් මේ මනුස්සයෝ වගේ ජරාවට බර පොරවල් ටිකක් කියලා. නැත්නම් රුපියල් දෙතුන්දාහකට අහු වෙලා එක එක පොරොන්දු ඉෂ්ට කරන්න බාර ගනීද? සල්ලි දෙවියන්ගේ මල්ලි නෙව.

ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)

4 comments:

  1. දෙයියන්ටත් ඔය පෝන් කෑලි, ටැබ්ලට් ඩිවයිස් එහෙම ගන්න ආසාවල් නැතිවයෑ... ;-)

    ReplyDelete
  2. දෙයියා උනත් තමන්ට සලකන කපු මහත්තයාව බලා කියා ගන්න එපැයි.. ඒකනේ ඔය..!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...