Monday, July 30, 2012

විශ්වාසය..

"මේ බලහං බං අද පත්තරේ තියෙන ප්‍රවෘත්තිය. තමන්ගේ ළමයා අසනීප උනාම ලෙඩේ දෙයියෝ හොඳ කරනකං කියලා ගෙදර තියාගෙන ඉඳලා. අන්තිමේ අසනීපේ හොඳටම වැඩි වෙලා ළමයා මැරිලා. අනේ හැබෑට මෙහෙමත් මෝඩ දෙමව්පියෝ ඉන්නවනේ හැබෑට."

වසන්ත මාත් එක්ක ඔය කතාව කිව්වේ මීට මාස තුන හතරකට කලින්.
දවස් තුනකින් විතර වසන්ත වැඩට නාව නිසා මං කෝල් එකක් ගත්තා.

"මොකෝ බං මේ දවස් ටිකේ වැඩට නාවේ. මොකුත් කරදරයක්ද?"

"අනේ බං මගේ ළමයා අසනීප වෙලා ඉස්පිරිතාලේ නවත්තලා. සාත්තර කාරයෙක් කිව්වා අපලයක් නිසා කියලා. අපලේ හොඳ වෙන්නනං ගෙවල් ගානේ ගිහින් සල්ලි එකතුකරලා ඒ සල්ලි වලින් භාරයක් වෙන්න කිව්වා. මේ දවස් වල ඒවට දුවනවා බං හතර වටේ."

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

8 comments:

  1. ඔහොම ගෙවල් වලින් සල්ලි එක්කහු කරලා දානේ දෙන සීන් එකක් තිබ්බා.., එඩ්වඩ් මල්ලවාරච්චිගේ චාතූර්යා පොතේ ද කොහෙද., ඒකේ චාතූර්යාගේ ලෙඩ හොඳවෙන්න කියලා ගෙය ගෙයක් ගානේ යන්නේ තේමිය මඩුගල්ල..!

    ReplyDelete
    Replies
    1. ඒ පොත් මං කියෝලා නෑ නොවැ!

      Delete
  2. පෙන්ත කොස්ත කියන කතෝලික පල්ලියේ අය ලෙඩ හැදුනම බේත් කරන්නෙ නෑ. දේව කණ්නලව් වලින් සහ විශ්වාසයෙන් ලෙඩ හොඳ වෙන බව තමයි ඒ ගොල්ලෝ විශ්වාස කරන්නෙ.

    අපේ බුද්ධාගමේ අයත් හිටි ගමන් බලි තොවිල් කර කර ලෙඩ හොඳ කර ගන්න හදන්නෙත් විශ්වාසෙ නිසාම තමයි.

    ReplyDelete
    Replies
    1. එක්කෙනෙක්ගේ විශ්වාස වලට බැණ බැණ වක්‍රාකාරයෙන් අපිත් කරන්නේ ඒකමයි නේද?

      Delete
  3. ගත යුත්තක් සහ බැහැර කිරීමක් මං මේකේ දකිනවා. දෙයක් ප්‍රාර්ථනා කරන එකත් ඒකෙන් හිතට ලැබෙන සහනයත් හොඳයි. ඒත් ඉතිං එය සාත්තර කාරයෝ කියන තරමක් කියන්නේ බොරැ. සිතිවිලි වල, වචන වල තියෙන ශක්තිය භාවිතා කරන්න තරම් අපේ පොදු සමාජය දැනුවත් නෑ.

    අනික දෙමව්පියෝ අසරණ උනාම ඔහොම වෙනවා. ඒක හැටි.‍නැත්නම් ලේන වල්ගෙන් මහ සාගරය ඉහින්න පටන් ගනීද? දරැ සෙනෙහස කියන්නේ ඊටත් වඩා දේවල් කරන්න ධෛර්යය දෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. මෙතන අවුල තියෙන්නේ මේ වෙන මහන්සිය වැඩක් තියෙනවද කියන එකෙයි!

      Delete
  4. තාමත් මිනිස්සූ මේවා විස්වාස කරනවනේ....

    ReplyDelete
  5. බයෙන් ජීවත්වෙන්න මිනිස්සුන්ට ජානමය උවමනාවක් තියෙනවද මන්දා. එක එක හතුරො හදාගන්නවනෙ අපි. ඇත්ත හතුරො නැත්තං මන:කල්පිත හතුරෙක් හරි කමක් නෑ...

    වැඩේ කියන්නෙ බොරු කියල හොඳටම දැනගෙන ඉන්න අයත් කරන එක. සමහර වෙලාවට විකල්ප නැති වෙනව තමයි හැබැයි.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...