කියුවත් ඔබට මම ආදරේ පණට වඩා
ඔබ රිදවනවා ඒ බොරුවක් කියලා කියා
රිදුනත් මගේ හිත ඔබගේ වදන් අසා
ඔබ දන්නවා මා කීවේ ඇත්ත කියා
දන්නවා ආදරෙයි ඔබ මා හට ඔබෙ පණට වඩා
දැනුනු නිසයි මා මගෙ හිත පිදුවෙ එදා
කොපමණ බාධා ආවද අපෙ ආදරෙට එදා
මොන දේ වුනත් අදටත් ඔබ ලගයි මෙමා
කවියෙන් කියන්නම් ආදරේ ඇති තරම
ඔබ මගේ පණයි ඔබ දන්නවා ඒක
කිව්වත් විහිලුවට ආදරේ නෑ ඔබට
ඔබෙ සුදු ඉන්නවා ඔබ ලග හැමදාම
දුටු දින සිටම මා හට පෙම් බැදි ඔබට
ආදරෙ කරමි මගෙ දිවි පවතින තුරුම
දුක් කරදර ලගදි මට හෙවනැල්ලක් වූව
ඔබ වෙනුවෙන් කැප කරනෙමි මුලු දිවිය
ලියා එව්වේ - චතූ
ලස්සන කවි සංකල්පනාවක් චතු !
ReplyDeleteමෙච්චර ආදරේ ළමයෙක්ව තේරුම් ගන්න බැරි උනේ ඇයි දන්නෑ...:) ලස්සනයි පද ටික
ReplyDelete