Monday, February 20, 2012

රොන්ග් නම්බර්

"ඔයා මට ඊයෙත් කතා කරනව කියල කතා කරේ නෑනෙ. හරීඊඊඊ නරකයි. මම කොච්චර වෙලා ෆෝන් එක ළඟට වෙලා බලන් හිටියද.."

"කොහෙ කතා කරන්නද? ඔයාලගෙ තාත්තා ආන්සර් කරොත් මම මොනා කියන්නද?"

"අපේ තාත්තට බයයිනේ.. (සමච්චල් සිනා)"

"මම? පිස්සුද? ඔයාට ප්‍රශ්නයක් උනොත් කියලයි බය"

"නෑ එහෙම නෑ. ඔයා හවස ගෙදර ෆෝන් එකට කතා කරන්නකො හොඳේ.."

"ම්ම් බලමුකො. තාත්තා ගත්තොත්?"

"තාත්තා ගත්තොත් ඔයා වැරදි නොම්බරේකට කතා කරා වගේ මොනාහරි කියලා තියන්නකො"

-------------------------------------------------------

ට්‍රිං.... ට්‍රිං.... ට්‍රිං.... ට්‍රිං....

"(ගැඹුරු කටහඬින්) හෙලෝ.."

"..............."

"(තරහින්) හෙලෝ.. හෙලෝ.."

"(සිහින් කටහඬින්) හෙලෝ.."

"කාටද කතා කරන්න ඕනෙ?"

"ම්ම්.. හෙලෝ.. අ.. මේ.. රෝන්ග් නම්බර් එකක්ද.."

"මොකක්? කව්ද ඔය කතා කරන්නෙ?"

"ඌප්ස්."

දඩස්.



ලියා එව්වේ - පිණිබිඳු (http://lakmisher.blogspot.com/)

9 comments:

  1. ඔය කොරලා තියෙන්නෙ ගානට.
    henryblogwalker the Dude

    ReplyDelete
  2. හික් හික් හික්... :D

    ReplyDelete
  3. ගූ හතයි වැලි එකයි . . . කොච්චර ඇනුවත් වැඩක් නෑ

    ReplyDelete
  4. මොනව උනත් කෙල්ල කියපු එක හරි, මූ කෙල්ලගෙ තාත්තට බයයි.

    ReplyDelete
  5. හක හක.. හොඳම වැඩේ..!!!

    ReplyDelete
  6. තාත්තා ගෙදර නෑ කියල කියන්න කිවුවා :D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...