සැරසිලි මුකුත් නැති හෙළුවැලි බසය
සීත ඉල්ලා අනුන්ගෙන්
තබාගෙන එකපෙළට අසුන් සීයක්
දෙපේලියකට යාන්තමින් දෙකකුලින්
සිටගන්න ඉඩ ඇති
සිටියෝය පිළිම
ගැහැනු ඇදුමින්
පිරිමි ඇදුමින්
සෑම අසුනකම තිදෙනක් බැගින්
සෙනග දෙබෑ කරමින්
ඇවිදින රඟ ඒ සර්කස්කරු
විටෙක වයරයක බයිසිකලයෙන් යන
තවත් විට මකර කටකට අතදමන
කැමති සිහිනයක් බලනු හැකි
අනුන් උර මතද නිදනු යහපති
වීදුරු නම් හරිම දුක්බර
ඩුම් ඩුම් හඬින් දෝංකාරයකි
එවර නිහාල් නෙල්සන
සිහිනයෙන් පිළිම අවදිකර
හොඳම අවවාද දෙන
පිළිම තනි කැමැත්තට
අත් ඔසවා දෙපැත්තට වැනෙන රඟ
බලනු මඟියනි වෙනත් බස්වල
හෙළුවැලි බසයකි මේ පිම්මේ දුවන
නාටකීය සිහිනයෙන් මා ගලවන්න
විසි කරන්න සර්කසාණෙනි
අර ලොකු නා ගස අසබඩින් මාව
ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)
තේරුනේ නං නෑ.....
ReplyDeleteඇයි තව...
ReplyDeleteපිටට අත තියා
ආදරෙන් ගොඩ කරවන
ඇත්තෙන්ම යන්තම් නවතා
එලියට විසිකරන
හෙළුවැලි බසය
අරාබි නිසොල්ලාසීය!