Monday, February 13, 2012

බූරු අධ්‍යක්ෂගේ සිහින රූප රාමු

ඔන්න මුලින්ම පේන්නෙ රතු, ලේ නහර ඉදිමුණ ඇහැක්... තිරය පුරාම...

දර්ශනය ක්‍රමයෙන් සූම් අවුට් වෙනවා... දැන් ඇස් දෙකම...

යක්ෂ මූණක් තියෙන මිනිහෙක්...

මිනිහ හති අරිනවා... කටින් කෙල බේරෙනවා....

කැමරාව ටිකෙන් ටික මිනිහගෙන් ඈතට යනවා...

මිනිහ ඉන්නෙ සුදු අත්දිග කමිසයක් ඇඳගෙන... ඒක පුරා ලේ... සුදු සරමෙත් ලේ. ඒක කැහැපටකවාගෙන කරේ දාන සාළුවත් ඉන වටේ බැඳගෙන...

මිනිහගෙ අතක ලේ පෙරෙන කඩුවක්...

කැමරාව ඈතට...

මිනිහ ඉදිරියෙ අතපය, බෙලි කපල මරල දාපු මිනී කන්දක්...

මිනිහ කෑ ගහනවා...

“අඩෝව්... එකෙක් අත තිබ්බොත් බාවනවා. මේව අපේ මුතුන්මිත්තන්ගෙන් ලැබුණු දායාද..”

තිරය අඳුරු වෙන්න කලින් මිනිහට පිටිපස්සෙන් තියෙන පොදියක් පේනවා...

මිනිහ ඒවට අරක්ගත්තු භූතයෙක්....

ඒ භක්තියේ සංකේත ටිකක්!



ලියා එව්වේ - hare :-)

12 comments:

  1. භක්තියේ සංකේත කියන්නේ බෝ කොලේ,කුරුසේ,අඩ හඳ, තරුව වගේ ඒවද.. ?

    ReplyDelete
  2. “අඩෝව්... එකෙක් අත තිබ්බොත් බාවනවා. මේව අපේ මුතුන්මිත්තන්ගෙන් ලැබුණු දායාද..”
    ඒ භක්තියේ සංකේත ටිකක්!

    :D

    ReplyDelete
  3. චුට්ටක් වෙලා ගිහිං ටියුබ් ලයිට් එක පත්තු වුනේ...හෙහ්...හෙහ්...

    ReplyDelete
  4. අදහසක් නං ආව. ඒත් හරියටම තේරුණා ද මන්ද?

    මට නං හිතෙන්නේ ආගමේ භක්තියේ නාමයෙන් මිනිස්සු අන්ධව හැසිරෙන අයුරු චිත්‍රණය කර ඇති බවයි. එය එසේ නම්, කාලෝචිතයි.
    ඉදිරිපත් කිරීම ඉතාම නිර්මාණ ශීලී.
    හිතන්න දෙයක්, ගෙඩි පිටින් කියන්නේ නැතුව.

    ReplyDelete
  5. එහෙම තමයි අද කාලෙ වීරපුරුශයෝ..!! :D :D

    ReplyDelete
  6. මිනිහ ඒවට අරක්ගත්තු භූතයෙක්....

    ඒ භක්තියේ සංකේත ටිකක්!

    කොච්චර දුම්මල වරම බලසම්පන්න වුණත් ඒවලින් බේරෙන්න දන්න අදකාලෙ අයියලා ගැනද මන්දා.. උපරිමයි..! :D

    ReplyDelete
  7. පොත්ගුල්ලා මහත්තයා කියන දේ ගැන තමයි මේ සටහන! අසහසක් දක්වපු හැමෝටම ස්තූති වේවා...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...