Thursday, February 2, 2012

අරුනෝදය

හිනා කිංකිණි අතර මාව අතරමන් වෙලා,  අද අරුනෝදිගේ විවහය., මගේ පාසැල් මිතුරිය, එක බත් පත කාපු, එක පෑන හුවමාරු කරන් ලියපු, ඇය විවාහ වෙද්දි අදටත් මම තනියම.
නංගී... ඇයි මේ  තනියම..?  විහාරාත් ඉන්නවා එතනට යමු. අරුනොද්ගේ ඇස්  කතාකලා..
කමක්නෑ.. මෙහෙම හොඳයි..
එහෙනම් මම ඉන්නම් ඔයා ලඟ...
 “විහාරා එයි.. අයියා යන්න...
ම් දිලිසෙන දෑස් යන්න ගියා.. මම තනියම..
ට්‍රීං ට්‍රීං...කෙටි පණිඩුඩයක්...
ආදරෙයි.. සංකී....මේ කවුද..?
ආනේ.. සංකී.. දැනුයි දැක්කේ...
ඉතින්.. විහාරා.. කවදද ඔයාගේ වෙඩින් එක..
මම බැන්දා..
අරුනොද් අයියව.. හානේ.. කොච්චර හොඳද..
පිස්සුද කෙල්ලේ.. මම බැන්දේ මගේ මස්සිනාව
අරුනෝද්....??
එයයි SMS කලේ... නම්බර් එක දුන්නේ මම

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

8 comments:

  1. මට තේරෙන්නැතෝ.. නම් ටික ටපලලාද මන්දා..?

    අරුනෝදි, අරුනොද් මේ දෙන්නෙක්ද එක්කෙනෙක්දෑ..??

    ReplyDelete
  2. දෙන්නෙක් දෙන්නෙක්....!! :) :) ඉන්න මම තව සීයකින්ම පැහැදිලි කරන්නම් :)

    ReplyDelete
  3. අරුනොද්.. මගේ අතිජාත මිතුරිය අරුනොදිගේ එකම අයියා.

    සති අන්තේ අපිව ටියුෂන් පන්ති එක්කරන් ගියේත්. හවසට වැව රවුමෙ ඇවිදන් එනකොට අයිස් ක්‍රීම් අරන් දුන්නෙත් අරුනොද්.. මගේ හීනෙ රජ වෙලා කියලා නොදැනම විහාරාත් හීන දැක්කේ අරුනෝද් වෙනුවෙන්, මම මටත් නොදැනීම මිතුරියන්ගෙන ඇත් වුනේ මට අරුනොද් අහිමි උනා කියලා දැනුනු නිසා. මගේ ගැහැණු හිත විහාරාට වෛර කරන්න ගත්තේත් ඒ නිසාමයි. කාලෙත් එක්ක විහාරා අරුනොද්ට ලන් වෙද්දි . කිසිම දෙයක් නොකර නිහඬව හිටිය මම හුදෙකලා ජීතේකට පුරුදු කලේ ඒ අරුනොද්.

    එයාට ආදරේ කරපු හිත හදාගන්න බැරිව ඉන්න වෙලාවට ඇස් ඉස්සරහට ඇවිත් දුක් දුන්නේ අරුනෝද්.

    අරුනෝද්!! හිතාගන්න බැරි වෙලාවක මට ආදරෙයි කියාගෙන ආයිම ආවේත් එයයි.

    ReplyDelete
  4. හරේ දැන් තේරුණා... අරුනොද් අරුනොදිගේ එකම අයියා, ඒවගේම විහාරාගේ ක්‍රශ් එක... එතකොට සංකි තමයි සීය ලිව්වේ :D එල එල සීයකින් ලියන්නත් එපෑයෑ නේද..? :D

    ReplyDelete
  5. මරණෙ දැන් කෙල්ල පාට් එකෙනුත් ලියනව වගේ..හෙහ්...හෙහ්...

    ReplyDelete
  6. @ Beetle

    සංකි මැව්වේ හංසී...:D

    ReplyDelete
  7. අපොයි නැහැ ඔබා මාමේ මේ සුදු හංසි ලියපු එකක් මන් පබ්ලිශ් කලා විතරයි :-D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...