Monday, September 26, 2011

මහේෂ්ට නිවන් සුව...

අපි පෞද්ගලිකව හඳුනා නොගත්තක් මහේෂ්ගේ වචන සීයෙන් අපි ඔහුව හඳුනා ගත්තා.  අහිමිවීම යනු ලෝක ස්වාභාවයක් කියාගෙන අපට අපේ වචන සීයක් රචනාකරන රචකයෙන් අහිමි වුනා. ඒ වගේම ලෝකයට පුතෙක් සහෝදරයෙක්, මිතුරෙක්, මේ වගේ විවිධ චරිත ගණනාවක් මහේෂ්ගේ ලබැඳියන්ට අහිමි වෙන්න ඇති.
                      මේක හුදෙක් ශෝකය පලකිරීමක් වෙන්න පුළුවන්. මහේෂ් කළුද සුදුද කියන්නවත් අපි දැනගෙන හිටියේ නෑ. මහේෂ් නැතිවුනාම මහේෂ් හමුවෙන්න අපිත් යයි. අපිත් දුක බෙදාගන්න උත්සාහ කරයි. ඒත්  OneZeroZero  කියවන අයට මහේෂ්ව මතක තියෙයි.
                   මේකත් හෙටින් පස්සේ පරණ වුන සීයේ ගොඩට එකතු වෙයි.  නමුත් මහේෂ්ගේ සීයේ කතා ටික හැමදාම රැඳිලා තියෙයි.

මහේෂ්ට නිවන් සුව.. අපි කොහේදීහරි හමුවෙන්න ඉඩ තියෙනවා.. එතකම් ආයුබෝවන් මිත්‍රයා...

ලියා එව්වේ - සීය ගණින අපි.. (පින්තූරය පොපීගෙන්)

32 comments:

  1. නිවන් සුව ලැබේවා කියා පතමි...

    ReplyDelete
  2. අනේ මොකද අයියාට වුනේ?

    ReplyDelete
  3. නිවන් සුව ලැබේවා!!

    ReplyDelete
  4. නුඹට නිවන් සුව සහෝ.....!!!

    ReplyDelete
  5. ගුඩ් බයි මහේෂ්.. ඔබ පැතු දේ ඉටුවේවා....!!!

    ReplyDelete
  6. මහේෂ් සහෝදරයාට නිවන් සුව

    මොකක්ද සිද්ද වුනේ කියල කවුරුහරි දන්නවද

    ReplyDelete
    Replies
    1. ඇක්සිඩන්ට් වුනා.. බයික් එකේ යනකොට.. ලොරියකට හැපුනා මහෙශ් අයියාව.. :/

      Delete
  7. මහේෂ් සහෝදරයාට නිවන් සුව ලැබේවා!!

    ReplyDelete
  8. නිවන් සුව ලැබේවා!!

    ReplyDelete
  9. සොයුර නුඹට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  10. ඇනොනිමස් ආතල් ලියන ලසිතයට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  11. නිවන් සුව ලැබේවා!!!!!

    ReplyDelete
  12. නිවන්සුව පතමි!

    ReplyDelete
  13. @ මහේෂ් කියන්නේ කොළඹ ඩී.එස් සේනානායක විදුහලේ දීප්තිමත් ආදි සිසුවෙක් . දක්ෂ ක්‍රීඩකයෙක් වගේම සාමානය පෙළ A- 10 ඒ වගේම උසස් පෙළ A- 4 ලබාගෙන 2007 -2008 විදුහලේ ප්‍රධාන ශිෂය නායකය වශයෙනුත් ක්‍රියා කලා .ඒ වගේම මහෙෂ් Australia වේදී උසස් අධයාපනය ලබන්නත් වාසනාවන්ත වුනා . මහේෂ් කරපු කියපු දේවල් අදටත් ඉස්කෝලෙ වාර්තා අතර තියෙනවා වගේම අදටත් ඒවා ගෑන හෑමෝම කතා කරනවා .මේ ඔක්කොටම වෑඩිය වටින දේ තමයි මහේෂ් ගේ තිබිච්ච නිහතමානීකම සහ මනුස්සකම කොහේ දෑක්කත් " මචන් කොහොමද කියලා "හිනාවෙලා කතා කරනවා . මේ සියල්ලම ඊයේ (09/25) උදේ කිරිබත්ගොඩ මාකොල පාරෙදි මහේෂ් ගමන් ගත්ත මෝටර් බයිසිකලය ටිපර් රථයක හෑප්පෙනකම් විතරයි ඒ මොහොතෙදීම මහේෂ් අපෙන් සදහටම සමු අරන් තිබුනා ..........
    ....මචන් මහේෂ්..
    එක පන්තියේ හිටපු, එක බත් එක බෙදන් කාපු , එකට පීරියඩ් කට් කරපු ,එකට පිස්සු නටපු උබ අපි කාටවත් නොකියාම යන්න ගියා. ඒත් ඒ කාලකන්නි Accident එකට අරන් යන්න බෑරි වුන දෙයක් තිබුනා ඒ තමයි D.S පුතුන් වෙච්ච අපි අතරෙ තිබුනු මිත්රත්වයේ හා සහෝදරත්වයේ බෑදීම .ඒක සදහටම අපි ගාව තියෙයි.........
    ඒ වගේම මේ කෙටි සටහන උබේ නමට පිදෙන උපහාරයක්ම වේවා
    මේ මහේෂ් ගේ බ්ලොග් එක.....
    http://asipiyakamahima.blogspot.com/

    ReplyDelete
  14. ඔබට නිවන් සුව අයියේ........!!!!

    ReplyDelete
  15. ටිකක් කුජීත වෙන්න බ්ලොග් අඩවිය ලියන කුජීතයාටත් නිවන් සුව අත්වේවා...

    ReplyDelete
  16. මහේෂ් මල්ලිට මතු ජීවිතයකදී මෙවන් විපතක් නොවේවා!

    ReplyDelete
  17. දෙයියනේ.....මෙහෙමත් දේවල් වෙනවද ? මීට සති කීපයකට පෙරදී " මිනි කවි " හී පළවුන ඔහුගේ කුඩා කවි පදයකට මම පිළිතුරක් දමද්දී ඔහු ජීවතුන් අතර නේද ?

    ජීවය තණ අග පිණි බිඳු වැන්නේ...

    දයාබර මහේෂ් ...ඔබට නිවන් සුව ඇත්වේවා !

    ReplyDelete
  18. මහේෂ්, ඔබට නිවන් සුව අත්වේවා!!!

    ReplyDelete
  19. Mahesh aiya,oyata niwan suwa.....!!

    ReplyDelete
  20. හරිම දුකක්!

    මං මහේෂ් ගේ ආදර සිහිවටන බැලුවා. තවත් කෙනෙකුට දරාගන්න බැරි දුකක් ඇති.

    ඔහු තම නමවෙනි ආදර සංවත්සරයට කරලා තියෙන්නෙ ලේ දන් දෙන එකයි.

    නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  21. නිවන් සුව ලැබේවා.......!!

    ReplyDelete
  22. නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  23. පි‍්‍රයේ නුඹ උපනුපන් ජාති හමුවේවා...

    ReplyDelete
  24. හිටපු ටිකේ කරපු ටික ඇති. එක අතකට ඒක වාසනාවක්...
    එච්චර කියවන්න බෑ...
    ඊළඟට එන්නෙ මගේ වාරය වෙන්න පුළුවන්!

    ReplyDelete
  25. ඔබට නිවන් සුව අත්වේවා! මරනය දුකක් වෙන්නේ ජීවත් වන අපටයි. මෙවන් දුකක් කෙදිනක හෝ කිසිවකුට අත් නොම වේව! ඔබ දැක නැතත් අපට ඒ දුක දැණුනා. නිවන් සුව ලැබේවා!!!

    ReplyDelete
  26. ඇසි පියක මහිම ලියූ මහේෂ් අයියා අපේ ඇසි පිය මානෙන් නික්මිලා...........

    http://aagiyakatha.blogspot.com/2011/09/blog-post_26.html

    ReplyDelete
  27. ජිවිතේ හැටි!
    කාටද ඔය ගැන වගකියන්න පුළුවන්!

    මේ වෙදිකාවෙන් නික්මුන මහේෂ් නුඹට සුභ ගමන්!

    ReplyDelete
  28. ඇත්තටම කාටද මේ දේට වගකියන්න පුලුවන්!

    සුබ රාත්‍රියක් මිත්‍රයා!

    ReplyDelete
  29. ආදරණීය මහේෂ්.... හෙට අපි භෞතිකව මුණගැහෙන අවසන් දිනයයි..... හෙට අපි කෑගැහුවත්, වැලපුණත් උඹ ඔය නින්දෙන් නැඟිටින්නේ නෑ.... කමක් නෑ උඹ නිදියපන්....

    අවුරුදු 13 ක පාසැල් කාලයත්, ඊට පස්සෙත් මා ඔබෙ මිතුරෙකු කරගැනීම ගැන මා ණයගැතියි උඹට හැමදාටම.... ජීවිතේ මනුස්සකම, මිත්‍රත්වය, බැඳීම් ගැන මං උඹ දිහා බලගෙන ඉගෙනගත්තා.... මං දන්නවා මට උඹෙන් තව සෑහෙන දේවල් ඉගෙනගන්නට තිබුණ විත්තිය... මං විතරක් නෙමෙයි... ගොඩක් අය උඹෙන් දේවල් ඉගෙනගත්තා.....

    නමුත් අපි එච්චර වාසනාවන්ත නෑ.... කමක් නෑ... නුඹෙන් ඉගෙනගත් දේ මුළු ජීවිත කාලය පුරාවට අපිට උදව් කරාවී.... සත්තයි මචං....

    අපිට තේරෙන්නේ නැත්තේ හෙට කොහොමද උඹට සමුදෙන්නේ කියලා.... ඒක සෑහෙන්න ලොකු ගැටලුවක්....

    ඒත් අපි දන්නවා මේක තාවකාලික සමුගැනීමක්.... අපි මේ සංසාරේ කවදහරි ආයේ හමුවෙනවා.... එදාටනම් මෙච්චර ඉක්මණට යන්න හදන්න එපා මචං.....

    මහේෂ්!!!! උඹ අපේම මිතුරෙක්වෙලා යළි ඉපදියන්.... එතකන් උඹට හොඳ සුවදායක නින්දකට අවසරයි මචං.... අපි පස්සෙ හමුවෙමු....

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...