Sunday, August 21, 2011

ගල් වඩ්ඩා

"වරායකුත් හැදුවලු නේද....."

"ඔව්, හැදුවා තමයි, ඉතින් මොකද...?"

"ඒත් නැව් එන්නේ නෑල්ලුනේ..... මොකද ඒ?"

"තඩි ගලක් තියෙනවලු......?"

"කවුද එහෙම කියන්නේ....?"

"ඔය හැමෝම කියන්නේ.....!"

"ඉතින් ඔය ගල අයින් කරන එකනේ තියෙන්නේ.....!"

"අර අන්දරේගේ කාලෙත් රජ්ජුරුවන්ගේ කුඹුරක ගලක් තිබුනලු නේද..?"

"ඔව් ඔව් තිබුනැයි කියන්නේ......!"

"ඒක අයින් කලාද...?"

"කවුද දන්නේ.....?"

"ඉස්සර රාජ සභාවේ අන්දරේ හරි හිටියනේ ඉදිරිපත් වෙලා ගල අයින් කරන්න.... දැන් රාජ සභාවෙ එහෙම කවුරුත් නැද්ද......?"

"ගල අයින් කරන්න පුළුවං ගල් වඩ්ඩෙක්ද ?"

"ඔව් ඔව්"

"දැන් රාජ සභාවෙ ඉන්න හැමෝම අන්දරේලා තමයි, හැබැයි ඉන්න තරමක් ගල් වඩ්ඩෝ නෙමෙයි ගල් ආඳෝ... උන් ගල් අයින් කරන්න දන්නේ නෑ.... නියමෙට ගල උඩින් ලිස්සල නම් යයි.....!"



ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com/)

7 comments:

  1. ගල් වඩ්ඩො නම් අද රාජ සභාවේ ඕන තරම්.හැබැයි උන් දන්නේ ගල් කරන්න මිසක් ගල් කඩන්න නෙවෙයි

    ReplyDelete
  2. ගල් නම් ඉතින් මොනවද.. හික්

    ReplyDelete
  3. දුමියෝ . . උඹ මෙව්වා ලියලා කලුබෝවිල පැත්තේ සුදු වෑන් හරි ග්‍රීස් යක්කු හරි ආවොත් අපි දන්නේ නෑ ඔන්න . . .

    ReplyDelete
  4. ඇඩ්මින් මහත්තුරු නෝනාවරුනි,

    මේ ලිපියේ ෆෝමැටින් අස්පට් වගේ දැනේ.

    පොඩ්ඩක් බලන්ටෝ . .

    දෙබස් අතර හිඩැස් තියන්න ඕන කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
  5. රාජ සභාවේ ඉන්නවා ගල් ආඳෝ !!! උන් කියන බොරු වලට ඕන ගලක් පැලේවී

    ReplyDelete
  6. ලඟදි ඇවිල්ල ගියානෙ, තව අවරුද්දකට විතරවත් එන් නැති හින්ද වෙන්නැති බය නැතුව කය්ය ගහන්නෙ.
    හැබය් ඇවිල්ල සවිමත් කරන්න සපෝර්ට් එකක් දුන්නත් ඇති, කියපුව කරපුව අමතක කරලා දාන්න.

    ReplyDelete
  7. දුමී ව ගල් වෙයි ද දන්නේ නෑ...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...