Thursday, August 18, 2011

අපේ සමහරුන්ගේ බ්ලොග් කෙරුවාව....

එකෙක් හිටස් දහස පසුකර ඇත ඒකට පෝස්ට් එකකි. තවත් එකෙක්ගේ බ්ලොග් එකට තුන් මාසෙකි. එයට තව පෝස්ට් එකකි. මෙන්න එක අක්කා කෙනෙක්ගේ බව්වා ගෙදර ගෙනත් අදට අවුරුද්දක්ලු. ඒකට තව පෝස්ට් එකකි. ඔන්න තව අයියා කෙනෙක්ගේ නැන්දගේ දුවගේ තුන්වෙනි උපන්දිනේ අදලු. එකට තවත් පෝස්ට් එකක්. තව එකෙක්ට යාළුවෝ කට්ටිය ෆේස්බුක් එකේ මඩක් ගැහුවලු. ස්ක්‍රීන් ෂොට්ස් තොගයක් එක්ක තවත් පෝස්ට් එකක්. මෙන්න අමුතුම කවියක්. වචන ටිකක් විතරයි. හැබැයි ඒක නියමයි කියලා කමෙන්ට්ස් ගොඩායි. කමෙන්ට්ස් දාපු උන්ගෙන් කවියේ තේරුම ඇහුවා උන් දන්නෙත් නෑ. ලියපු එකාගෙන් අහුවා ඌටත් හරියට තේරෙන්නෙ නෑ. ඔන්න ඔහේ කමක් නෑ. එක්කෝ ඕන එකක් කියලා මමත් ගිහින් නියමයි කියලා දානවා.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

40 comments:

  1. එකෙක්ට අනුන්ගේ බ්ලොග් ගැන යමක් හිතී ඇත. ඒකට වචන සීයක පෝස්ට් එකකි... :D

    මොනා උනත් කතාවනම් ඇත්ත....

    ReplyDelete
  2. පූසගෙ කටේ මසුරන් දාමු......

    ReplyDelete
  3. කියනවනං ගොඩාක් දේවල් කියන්න පුළුවන්. වෙලාව හිඟයි නොවැ. කෙටියෙන් කියනවා නං "මසුරං කතාව"

    ReplyDelete
  4. චමිදේවා ට නං කොනක් අහුවී ඇත... මටත් අහුවුනේ ඒකමය...

    ReplyDelete
  5. ඔතන අපි මෙන්ම පූසාද ඇත...... හික්ස්....

    කතාව නම් ඇත්ත තමා.

    ReplyDelete
  6. මමත් එච්චරටම කැමැති නැ හිට්ස් වල් පල් එවා දානවාට ....

    ReplyDelete
  7. අනේ මන්දා අර අමුතු කවි කතාවනං පූසා පූසටම මඩ ගහගෙනද????

    ReplyDelete
  8. සිරාවටම කතාව නම් ඇත්තකි.බ්ලොග් කෙරුවාවද දැං සමහරුන්ට සෙල්ලං බඩුවක් බවට පත්ව ඇත.වට්නා සිංහල බ්ලොග් කලාව ටද මුණු පොතට වෙන්න යන වින්නැහියම සිදු වෙමින් පවති.දැං එය තම තමන්ගේ ඕපාදූප හිතේ හැටියට රසවිදින්නට මාධ්‍යක් වී ඇති බැව් නම් සැබෑය.එහෙයින් වගකිවයුත්තෝ මේ පිළිබද අවධානය යොමු කළ යුතුයි.
    (ඔය කිව්වේ පුංච් බණක් විතරයි ඇ!ලොකුවට හිතන්න එහෙම එපා!)

    ReplyDelete
  9. නියමයි කැට්ස්.... මේක ගැනම තව සීයක් දෙසීයක් ලියන්න පුළුවන්!

    ReplyDelete
  10. Just A Regular BloggerAugust 18, 2011 at 6:18 PM

    හෙහ් හෙහ්! තමන්ගෙ බ්ලොග් එකේ ඕපාදූප නෙවෙයි කුණුහරුප වුණත් ලියන්න ඒකෙ අයිතිකාරයට නිදහස තියෙනවා හරිද? විවේචන කරන්න ඕනෙ නම් ඒ අදාළ පෝස්ට් එකේම කමෙන්ට් දාපන්... අනික ඔය හැම එකටම කමෙන්ට් දාන එවුන්ටත් නිදහස තියෙනවා තමන් කැමති කමෙන්ට් එකක් දාන්න...ඔබලා ලියන පෝස්ට් වුණත් සමහරුන්ට ගොන් ජෝක් වෙන්න පුළුවන් කියලා මතක තියාගන්න...
    ස්තූතියි...

    ReplyDelete
  11. හෙහ් හෙහ්! තමන්ගෙ බ්ලොග් එකේ ඕපාදූප නෙවෙයි කුණුහරුප වුණත් ලියන්න ඒකෙ අයිතිකාරයට නිදහස තියෙනවා හරිද? විවේචන කරන්න ඕනෙ නම් ඒ අදාළ පෝස්ට් එකේම කමෙන්ට් දාපන්... අනික ඔය හැම එකටම කමෙන්ට් දාන එවුන්ටත් නිදහස තියෙනවා තමන් කැමති කමෙන්ට් එකක් දාන්න...ඔබලා ලියන පෝස්ට් වුණත් සමහරුන්ට ගොන් ජෝක් වෙන්න පුළුවන් කියලා මතක තියාගන්න...
    ස්තූතියි...

    ReplyDelete
  12. කාලයක් බොහොම හොඳින් maintain වුනු one-zro-zero බ්ලොග් එකත් දැන් දැන් මෙලෝ රහක් නැති එකක් බවට පත් වෙමින් යන බවයි පේන්නෙ... මේක admin ලගෙ වරදද නැත්නම් ඇත්තටම නිර්මාණ නොලැබෙන නිසා වෙච්ච දෙයක්ද දන්නෙ නෑ... කොහොම උනත් කාලයක් මේ බ්ලොග් එක රස වින්ද කෙනෙක් විදියට සියුම් දුකකින් තමයි මේ දේ කියන්නෙ... :(

    ReplyDelete
  13. මේං සමහරු ඇනෝ ඇවිත්... අප්පේ මම ලිව්ව එක එයාලගේ බොක්කටම වැදිලද මන්දා. ඔන්න එයාලා පොඩ්ඩක් හිතලා බලන්නකෝ. එයාලගේ තර්කේ විදිහට තමන්ගේ බ්ලොග් වල ඕන දෙයක් ලියන්න පුළුවන්ලුනේ. ඉතිං ඒ වගේම මේ බ්ලොග් එකටත් අපිට කැමති දේවල් ලියලා යවන්න පුළුවන්. මේ මම එහෙම යැව්ව එකක්. ඉතිං එහෙමනම් මම කැමති දේ තමයි මේ මම ලියලා තියෙන්නේ. ඒත් ඔයාලා කියෙව්වා නේද? ඒ වගේම තමයි ඔයාලා බ්ලොග් එකේ ඔයාලට ඕන දේවල් ලිව්වට තව මිනිස්සු ඒවා කියවනවා. මම ඔය උදාහරණ විදිහට ලියලා තියන කාරණා අඩංගු පෝස්ට් කියවන අයට ඒවා ඒ තරම් වැදගත් වෙයි කියලා මම නම් හිතන්නේ නෑ.
    මම කියන්න උත්සාහ කලේ සමහරු ලියන්නේ කිසිම තේරුමක් නැති දේවල් කියලයි. ඔය මම ලියලා තියන හැම දේම වගේ මම දැකපුවා. ඔය මම මේ පෝස්ට් එකේ ලියපු දේවල් වුනත් බොහෝම ලස්සන කතා/කවි බවට හරවලා අර්ථාන්විත් යමක් ලියන්න පුළුවන්. ඒත් ඒකට වෙලා යනවා, හිතන්න ඕනේ. ඒත් ගොඩක් අය කරන්නේ ඔහේ අමුවෙන්ම ලියලාදානවා.
    මේක කියවලා හිත රිදුනු කට්ටිය මේ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.
    කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි :)

    ReplyDelete
  14. අඩෝව් .. උබ සිංහල බ්ලොග් කෙරුවාවට අකුල් හෙලන අධිරාජ්‍යවාදීන්ගෙ අතකොලුවක් නේද.. නැත්නම් ඊනියා නෝර්වේ කාරයොන්ගෙ එකක් නේද :D :P

    ReplyDelete
  15. මොනවා කියන්නද මන්ද ( හිතමින් ) ...............

    ReplyDelete
  16. ඇයි ඉතිං බැන බැන ඉන්නෙ? රහ තියෙන වචන සීයක් ලියල දැම්මනං හරිනේ.

    ReplyDelete
  17. පූසෝ, අපි ඔය වල් පල් බ්ලොග් අතරින් තමන් කැමති බ්ලොග් එක තෝරාගෙන කියවීමේ නිදහස පාඨකයාට දෙමු. ඔය වගේ වල් පල් වලටත් කැමති අය බ්ලොග් ලෝකේ ඔනතරන් ඉන්න බව පේනවනේ. බ්ලොග් අවකාසේ නමක් දිනාගත්තු සමහර විශාරදයෝ පවා මෙලෝ රහක් නැති වල් පල් වලින් තමන්ගේ බ්ලොග් පුරෝන හැටි මම දැකල තියෙනවා. ගොඩක් දෙනා follow කරලා තිබ්බ නිසා මමත් වරක් ඔය වගේ බ්ලොග් ලොක්කෙක්ගේ බ්ලොග් එකක් follow කරා හොඳ ඇති කියල හිතල. ලියල තියෙන ඒවා දැක්කම මට අප්පිරිය හිතිලා අන්තිමට සමහර ලිපි වලට මං ලියපු කමෙන්ට්ස් පවා අයින් කරල follow ඉවත් කරගත්ත. ඉතින් ඔය අයිතිය පාඨකයාට තියෙන නිසා තමන් කැමති බ්ලොග් තෝරාගෙන කියවීමේ වගකීම පාඨකයටම දෙමු. මේ සම්බන්ධව වලව්වේ සැකුරිටි ජොබ් එක කරන මූකලන් බස්සා හොඳ පොස්ට් එකක් දාල තිබුන. මෙතනින් බලන්ඩකෝ.

    http://frozenlazyowl.blogspot.com/2011/08/blog-post_01.හ්ට්ම්ල්

    ReplyDelete
  18. ganan ganna epa bN! looke hati! :) liyana eka ohee liyapuwawe! balana ekage athe thamai hoda naraka theeranaya karana wade thiyenne! man nam mata hithena de danawa! man blog liyanne mage hithe thiyana deewal liyannanee bn! muunu pothe pissu kelinawata wada eeka hodai eka athakata! ube post 1 balapuwama matat hithuna habai ooka matat kelinma gahapu HINT 1kda kiyala! kamak na macha! ela POST 1! uba apita hithanna deyak qwe! (HABAI MAN NAM HITHANNE NA! ;) ;) )

    ReplyDelete
  19. හිකිස්.... මාත් මේ දෙසිය ලියන්න ඉන්නෙ :)

    ReplyDelete
  20. එතකොට උඹ ලියන ඒවා හරි හොඳ ඒවාද බන්? ලොල්

    ReplyDelete
  21. බ්ලොග්කරණය රාමුවකට කොටු වෙන්න ඕන ද...
    ලියන කෙනාට කැමති දෙයක් ලියන්න පුළුවන් නේ ද..
    අකමැති නම් නොබලා ඉන්න පුළුවන් නේ ද..

    මම නම් එහෙමයි..
    අනිත් අය ලියන එක අපිට වෙනස් කරන්න බෑ නේ..
    රසවිඳින්න බැරි නම් කියවන්නැතුව ඉන්නවා...

    ReplyDelete
  22. @සෝරෝ :

    මේකනෙ වැඩේ කිව්වට පස්සෙනෙ හිතෙන්නෙ වැඩක් නෑ කියලා... :)

    ReplyDelete
  23. ටිකක් කියනගෙන යද්දී තේරෙනවා නේ ද මෙලෝ රහක් නැද්ද තියෙනව ද කියලා.... :D

    ReplyDelete
  24. මොනවද මේ බ්ලොග් අවකාශයේ තියෙන හොඳම බ්ලොග් ?

    ReplyDelete
  25. ඒක සාපේක්ෂයි මචං ඇනෝ..

    ReplyDelete
  26. පම්පෝරි තඩි පහනාAugust 19, 2011 at 10:46 AM

    එන්න පහානගේ පම්පෝරිය කියවන්න.

    ReplyDelete
  27. එන්න පහානගේ පම්පෝරිය කියවන්න. ‍
    http://blog.pahans.com

    ReplyDelete
  28. දැන් පහනා මෙම අඩවියට පැය කිහිපයකින් වඩිනු ඇත. :D

    පහන් said : අනේ ඔය උඩ ප්‍රතිචාරය ව්‍යාජ එකකි මම වැදලා කියන්නම් එක මකනවද. :D :D :P :P :P :P :P

    ReplyDelete
  29. Akamathi aye meka balannath epa.

    ReplyDelete
  30. තවත් එකෙක්ට අම්ම මතක් වෙයි. මේ එතකොට ලියපු පෝස්ට් එකකි.
    http://anjanakulasinghe.blogspot.com/2011/08/15.html

    ReplyDelete
  31. lokka...
    mulimma keyanna ona oya dala teyana postr ekee teyanne atta ehma unatt ewa wadakk nee keyala keyana eka sadarana neee ...
    mokada blog keyanne tamannta kamati deyakk leyanna sibar avakashayea edakada teyana tanakk
    samahara weta mage blog ekakk e taramma hoda madi ati...
    ett mata hetunama kammali kamakk awama oya mokakk hari ekakk gana blog ekakk leyanawa....
    hariyata direy book ekakk use karanawa wageee...
    mama hetanne nee eka waradee keyala
    ghenn balanna menna mage Blog eka "http://www.cotbookshop.blogspot.com"
    mama danne nee wadakata ati yamakk eke teyanawada nadda keyala mama web design gana course ekakk karalatt neee
    mata hetuna dee mama lewa... ekaii mama me Blog eke nama "Latta Lotta & Anann Manann " keyala dammett
    mama oya keyapu deeta 50% ekagaii...

    thanks

    ReplyDelete
  32. ෂ...මං දාන කොමෙන්ට් ගනින්න අමතක වුනානෙ.... නැස්තන් 100, 200, 500, කියල සෙලිබ්රේට් කොරන්න තිබ්බ අගේට... :-)

    ReplyDelete
  33. @ Just A Regular Blogger
    it is called "wal booru nidahasa"

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...