Friday, August 12, 2011

කුණු අනිත්‍යයි

හෙට දින උදා වන අසිරිමත් පොහොය දිනේ සුදෝ සුදින් සැරසී පන්සල් යන්නට ඔබ සැරසේද?

හෙට දිනයේ සිල් ගන්නා විට ඔබේ ඔසරිය අඳුරු පැහැ යැයි අනෙකුත් සිල්වතියන්ගේ අවඥාවට ලක් වේ යැයි ඔබ දුකෙන්ද?

නැති කරන්න ඒ දුක.

අදම 'පින්' රෙදි සෝදන කුඩු යොදා සෝදා ඔබේ සුදු ඇඳුම සුදෝ සුදු පැහැයෙන් දිදුලවාගන්න.

අත්ථාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝසියා හෙවත් තමන්ගේ විමුක්තිය සලසාගන්නේ තමාමය ලෙස බුදුරදුන් වදාල ලෙසින්

ඔබේ රෙදි ඔබම සෝදාගන්න...

'පින්' කුඩු නිසා ඔබේ දෑතට ලැබෙන සුමුදු බව අත් විඳින්න.

හෙට පන්සල් යන්න කලින් අවබෝධ කරගන්න ඔබ.

සියළු සංස්කාර ධර්මයන් මෙන්.... කුණුද අනිත්‍යයි.

මෙය ඉදිරි කාලයේදී මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීමකි.


ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

4 comments:

  1. what the fuck@?!-

    ReplyDelete
  2. අම්මා අප්පා මාකට් කොරන රටේ ඕකත් කජ්ජක්ද කිව්වලු..!

    ReplyDelete
  3. කුණු මෙන්ම පින්ද අනිත්යය්

    ReplyDelete
  4. අනිත්‍යතාව රජ කරන මේ කුරිරු ලෝකය තුළ කුණු මෙන්ම සුදු රෙදි ගැනත් කවර කතාද...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...