Monday, August 8, 2011

වෝකි ටෝකි

දැකල තියෙනව නේද පොලිස් අංකල්ලා ගාව තියෙන වෝකි ටෝකි? ඒක ඩුප්ලෙක්ස් පණිවුඩ හුවමාරු ක්‍රමයක්. එක වෙලාවකදි එක්කෙනෙක්ට විතරයි කතා කරන්න පුළුවන්.

ඔයාලගෙ ෆෝන් එකෙනුත් ලේසියෙන්ම ඒ වගේ වෝකි ටෝකියක් හදාගන්න පුළුවන්.

උවමනා වෙන්නෙ ෆෝන් එකයි (චයිනීස් එකක් නම් නියමයි) කතා කරන්න කෙනෙකුයි විතරයි.

ඉස්සෙල්ල මේ පෝස්ට් එක ඔයාට කතා කරන්න ඕන කෙනාටත් පෙන්නන්න.

ඊලඟට එයාට කෝල් එකක් ගන්න.

එයා ආන්සර් කරද්දි ඔයා ෆෝන් එක කණ ගාවට ගන්න.

ඔයා කතාකරද්දි ෆෝන් එක කට ගාවට ගන්න.

ඔය වගේ තමන් කතා කරද්දි කට ගාවටයි එයා කතා කරද්දි කණ ගාවටයි ෆෝන් එක මාරු කරන්න.

ඔය බස්වල යද්දි කස්ටිය වෝකි ටෝකි ටෝක්ස් දානව දැකල ඇතිනේ...


ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)

7 comments:

  1. හික් හික් හික්... සමහරු සොබ්බෙට ඔහොම කරනවා.. සමහරු ඇත්තට ඇහෙන්නේ නැති නිසා ඔහොම කරනවා... :D

    ReplyDelete
  2. හාෆ් ඩුප්ලෙක්ස්.. ද්වී දිශාත්මක සන්නිවේදනයේ ප්‍රාථමික අවස්ථාව..
    බිහිසුණු ශබ්ද ඇති එන්ජින් සහිත බස්රියන්හිදී වෝකි ටෝක්ස් දැමීම යහපති..

    ReplyDelete
  3. මම දන්න ගැල්ලමයෙක් හිටිය ඔයවගේ
    අපි එයාට කිව්වෙ මිස් වෝකි ටෝකි කියල හික් හික් හික්...

    ReplyDelete
  4. හික් හික් මේක දැක්කාම ඇත්තටම කොමෙන්ටුවක් දන්න හිතුනා මගේ යාලුවෙක් ඉන්නවා මිනිහ ඕනෑම නිස්සබ්ද තැනක මෙහෙම තමයි කෝල් දාන්නේ

    ReplyDelete
  5. හිකිස්......

    ReplyDelete
  6. අම්මෝ ඔහොම උන් සෑහෙන්න ඉන්නවා

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...