Monday, August 1, 2011

නැද්ද කිසි ගරු සරුවක්?

බස් එකේ පුජ්‍ය පක්ෂයට වෙන් කරල තියෙන ආසන දෙකේ සීට් එකේ, ආසන දෙකම අල්ලගෙන ඩෝප් කාරයෙක් ෆුල් සැපට නිදි. මගදි නැග්ග හාමුදුරු නමක්, කොන්දොස්තර උන්නැහෙ ඩෝප් කාරයව ඇහැරවල, හාමුදුරුවන්ටත් ඩෝප් කාරය ලඟින්ම වාඩි වෙන්න ඉඩ සලස්සල දුන්න. ඩෝප් කාරය සීට් එකේ ඉඩ දුන්නෙ "දෙන්න හිතයි අපවත් වෙන්න" කියල හෙමීට කියාගෙන. ස්වාමීන් වහන්සෙ කිසි කතාවක් නැතිව ලැබුන ඉඩ ටිකේ ශාන්ත දාන්තව වාඩි වෙලා දැන් බස් එකේ යනව. මගදි බුදු පිළිමයක් දැක්ක ඩෝප් කාරය, නැගිටලම වැන්ද. ස්වාමීන් වහන්සෙ කිසි හැල හොල්මනක් නැතුව තමන්ගෙ පාඩුවෙ වැඩ ඉන්නව. ඩෝප් කාරය ඒ පාර හාමුදුරුවන්ගෙන් අහනව "අර ඔහෙලගෙ බොස් නේද, නැද්ද කිසි ගරු සරුවක් දක්කන්නෙ?" කියල.

ලියා එව්වේ - Observer (http://observer-nireekshaka-observer.blogspot.com)

12 comments:

  1. පට්ට.. ඔබසර්වර් ගොයියො.. පට්ටම පට්ට...

    ReplyDelete
  2. අනේ අපොයි. :(
    පට්ට බෞද්ධයෙක්. හොඳට බීල එහෙම.... :)

    ReplyDelete
  3. පට්ටයි...! සිරා....!

    ReplyDelete
  4. නියම පාර ඔබා අංකල් :D

    ඒ වගේම අර හෙන සිරා පොරවල්ලගෙ වැඩ වල තියෙන නිර්මාණාත්මක බංග්ක්ලෝත් භාවය කියන එකෙන් අනූනයි. සිම්පල් කතාවක් වුණාට ඔය චරිත වලට වෙන ඒව ආදේශ කරල හෙන දරුණු කතාවක් හදන්න පුළුවන්...

    ReplyDelete
  5. ඔය 2010 හොදම බොලොග් අඩවිය නේද? අපි හැමෝම මෝනයම් හෝ ආගමක් අදහනවනේ,අනිසා ආගමක් ගැන මොනවා හරි දානවනම් දෙපාරක් හිතමු නේද යාලුවේ.

    ReplyDelete
    Replies
    1. කොහෙද හු@!# මෙතන ආගමක් ගැන කියල තියෙන්නෙ ? බෙබේ කෙනෙක් ගැන මිසක් ඔබා වගේ...

      Delete
  6. ඔබාගේ කතා කීපයක්ම කියෙව්වා එකකට එකක් කොයික රස වැඩිද කියලා හිතාගන්න බෑ...
    නියම ගැලපීම.

    ර්‍රතු මුහුද කියන දේ මට තේරෙන්නේ නෑ... මේක නිර්මානයක් මිසක් ඉන් එහාට හිතන්න ඇයි ඔය තරම් වද වෙන්නේ? ආගමකට අපහාස කරන බවක් මට නම් පේන්නේ නෑ.

    ReplyDelete
  7. මටත් පේන විදිහට මේකෙන් කිසිම විදිහකට ආගමකට අපහාසයක් වෙන්නෙ නෑ...පටු විදිහට හිතුවොත් නම් ඒ විදිහට පෙනේවි......

    ඔබා මාමගෙ තව හොඳ හොඳ කතා තියනව අ.පේලියෙ.....එව්වට කියන්නෙ මල්ටි බැරල්.....

    -අ.පේලියෙ සඳා -

    ReplyDelete
  8. මම උපහාසෙන් බැලුවේ වෙරි කාරය දෙස මිසක්, හාමුදුරුවො දෙස හෝ බුද්ධාගම දෙස නෙමේ. මේ කතාවෙන් කාට හෝ හිත රිදීමක් ඇති වුනා නම් මම සමාව ඉල්ලනව, මගේ පරමාර්ථය වුනේ කාගේවත් හිත රිදවන්න නම් නෙමේ. මමත් සති අන්තෙට එහෙම පොඩි අඩියක් ගැහුවට බුද්ධාගම් කාරයෙක්.

    ReplyDelete
  9. බේබද්දො වගේ උමතුවෙන් බුද්ධාගම අදහන මිනිස්සු තමා පන්සලක් බොධියක් දැක්ක දැක්ක තැන නැගිටල වඳින්නෙ.

    ReplyDelete
  10. හික්... ඔබා අංකල්ගෙ කමෙන්ටුවත් 100කට වවල දාන්න පුළුවන් එකක්... ;-)

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...