Tuesday, November 26, 2013

පෙරේරා මහත්තයා සහ බත් පිඟාන

පෙරේරා මහත්තයා පරිපාලනේ අපේ අංශෙ ලොක්කා. ලොකු ගෙයක් තියෙනවා. වාහන දෙකක්ම තියෙනවා. ජේත්තුවට අඳින මිනිහා.

හැමදාම කෑම ගේන්නෙ ගෙදරින්. කරපිංචක් ඉතුරු කරන්නෙ නෑ. හැබැයි පිඟානම කාලා ඉවර වෙනකං මාළු කෑල්ලට අතවත් තියන්නෙත් නෑ. බිත්තරයක් මස් කෑල්ලක් ගෙනාවත් එහෙම්මමයි. හැමදාම ඉතුරු කරගෙන ඉඳලා කන්නෙ අන්තිමටම.

හැමදාම මේක දැකපු ශාන්ති මිසී දවසක් ඇහුවා ඔය ගැන.

පෙරේරා මහත්තයා පොඩි කාලෙ හිටියෙ මෝදර මුඩුක්කු පේළියෙලු. ගෙවල් අස්සෙනුත් එක එකා යනවාලු. අම්මා පෙරේරා මහත්තයාව පඩිය උඩ ඉන්දලා පිඟාන අතට දීලා පොඩි කාලෙ නිතරම මෙහෙම කියනවලු.

“මහ මිනිහා හිරේ නිසා මුන් හිතන්නෙ. උඹට බිත්තරයක්වත් දෙන්න මට නෑ කියලානෙ. ඒ හන්දා ඕක පිඟානෙ තියාගෙන ඉඳලා අන්තිමට කාපං.“
ලියා එව්වේ - නීනු (http://neranji-sulakkana.blogspot.com/)

23 comments:

  1. Replies
    1. Mea wage sanwedi kathawakatath hina yanawada bola? Thota daanna comment nathnam nika hitapiya umbaa kiyanne nathuwa.
      Lassana kathawak!!!

      Delete
    2. දැන යන්නෙ ලොක්කගෙ අඩි පාරේ වෙන්න ඇති නේ

      කපටි කෛරාටිකයන්ට කොහෙද සංවේදි හිත්.

      Delete
  2. පව් අප්පා ඒ මනුස්සයා.තාම ඒ පුරුද්ද අත් ඇරගන්න බැරිව ඇති.මොනවා වුනත් තාත්තගේ පාරේ නොගිය එකම මදෑ.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  3. මේක ඇත්ත කතාවක්ද බොල

    ReplyDelete
  4. SHOAK KATHA PODDA NEDA

    ReplyDelete
  5. පොඩි කාලේ බෝතලෙන් කිරි බීලා පුරුද්දට ..වයස අවුරුදු දාහතර පාලොහ වෙනකම්ම බෝතලේ නැතිව කිරි බොන්ඩ බැරි ළමයි මම දැකලා තියේ .. ඉස්කෝලේ යන කාලේ අනික් එවුන්ගෙන් බත් එක බේරගන්න වේගෙන් බත් එක කාපු පුරුද්ද මට තාම තියෙනවා .. මට බත් පිඟාන ඉවර කරන්න යන්නේ විනාඩි පහයි .. ඒ පෙරේත කම නෙවේ පුරුද්ද ..

    ReplyDelete
    Replies
    1. සඳරු මටත් ඒ පුරුද්ද තියෙනවා..

      Delete
    2. සඳරු මට අත් දෙකෙන්ම කන්න පුළුවන්. ඒක ඇති කරගත්තේ ඒ ලෙවල් පන්තියේදි හැබැයි :) හේතුව නම් උඹ කියපු එකමයි.

      Delete
    3. මමත් හරි ඉක්මනින් කන කෙනෙක්.

      Delete
  6. මටත් එක පුරුද්දක තියෙනවා. ඒක මෙතන කියන්න බෑ...
    සමහර පුරුදු ජීවිතේ හරි සුන්දරයි. මම තාම තාත්තට කියලා බත් කවා ගන්නවා වගේ. මම වයසින් මෝරනවා. තාත්තා වයසට යනවා හැබැයි තාමත් මම ඉස්සර පොඩි එකයි ඒ වගේ තමයි ඔය මහත්තයත්.. :D

    ReplyDelete
  7. ස්තූතියි කමෙන්ට් කළ හැමෝටම

    ReplyDelete
  8. ඕක මගෙත් තීන පුරුද්දක්නෙ. හේතුව අපි පොඩි කාලෙ අඟ හිඟ නිසා අම්ම දෙන්නෙ එක හින්නෙකිතර මාලු කෑල්ලක් හරි බිත්‍රෑන් හතරෙන් එකක් හරි. ඉතින් බත් එකම කන්න ඕක මදි නිසා නිකන් හොදි එක බත් කාල අන්තිමට කටක් ඕකත් එක කනව. එතකොට නිකන් බත් එකම බිත්තර දෙක තුනක් එක්ක කෑව වගේ හිතට.

    ReplyDelete
    Replies
    1. කෝමද අන්තිමට කන්න තියාගෙන ඉන්න බිත්තර කහමදේ වෙන පරයෙක් කටේ දාගෙන දුවද්දි ??

      Delete
  9. නියමයි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.අපිත් බ්ලොග් අඩවියක් ආරම්භ කරා.ගිහින් බලන්න
    http://tv-sinhapedia.blogspot.com/

    ReplyDelete
  10. මිනිහට හොද කොන්දක් තියෙනව නේ

    ReplyDelete
  11. මමත් අදටත් ඔහොම කරනවා. එතකොට තමා කෑම එකේ රස දැනෙන්නෙ.... නැත්නම් ඉතින් කැවෙ නෑ වගේ...

    ReplyDelete
  12. අන්න මිනිස්සු... කොච්චර ඉහල ගියත් මුල අමතක නැති මනුස්සයෙක්!

    ReplyDelete
  13. ලොක්කා මොනා වුනත් පැත්ත ගියත් ඇත්ත කියන මිනිහෙක්

    ReplyDelete
  14. ලොක්කා මොනා වුනත් පැත්ත ගියත් ඇත්ත කියන මිනිහෙක්

    ReplyDelete
  15. ඕක සාමාන්‍ය දෙයක්.(මාත් එහෙමයි, තව බොහෝ දෙනෙකුගෙ දැකලත් තියනව) නමුත් ඔය හේතුවම නෙවේ. මොකද මංද හුඟ දෙනෙක් අන්තිමට කන්න කැමති තමුන් වඩාත් ආසා කරන කෑම.
    මට හිතෙන හැටියට නං හේතුව මේකයි. අන්තිමට රසවත්ම දේ කනව කියන්නෙ නිකං මුළු පිඟානෙම තිබුනෙ ඒ දේ වගේ හැඟීමක් එනව.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...