Friday, January 4, 2013

ලෝක විනාසේ වෙන්න හේතුව...

මුළු ලෝකෙම විනාස වුනොත්,
මැරෙන මිනිසුන්ට අහපහු
මිනිස් භවයක උපදින්න විදිහක් නැහැ,
ඇයි මිනිස්සු විදියට උපදින්න
ලෝකේ තියෙන්න ඕනිනේ.

ඒ කියන්නේ, මැරෙන මිනිස්සුන්ට
තිරිසන් භවයක් උපදින්න විදිහකුත් නැහැ.

අපායවල් තියෙන්නේ පෘතුවියේ මැදලුනේ.
ඉතිං ලෝකේ විනාස වෙනවනම්,
ඒ අපායවල් ඔක්කොම විනාස වෙන්න ඕනි.
එතකොට මැරෙන අය අපායවල් වල ඉපදෙන්න විදිහකුත් නැහැ.

ප්‍රේත, කුම්භාණ්ඩ කියන ලෝක
තියෙන්නේ පෘතුවිය මතුපිටලු.
එතකොට මැරෙන මිනිස්සු
ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ වෙලා
උපදින්නෙත් නැහැ.

මුළු ලොකේම විනාස වුනත්,
දෙව් හා බඹ ලෝක විසාස වෙන්නෑලු.
ඒ කියන්නේ මැරෙන ඔක්කොම ගිහින් ඉපදෙන්න
පුළුවන් ඒ ලෝකවල විතරයි.

හැබැයි ඒවල උපදින්න ගොඩක් පින් කරන්න වෙනවලු.
එතකොට ලෝක විනාසේ වෙන්නේ,
හැමෝම ගොඩක් පින් කරාමද?


ලියා එව්වේ - අනුරාධ සුබසිංහ

5 comments:

  1. ඔය ලෝක වලට අමතරව තව සරණාගත කඳවුරක් වගේ එකක් තියෙනවලු... ඒකෙ ඉපදිලා ආපහු ලෝකයක් ලැබෙනකම් ඉන්න වෙනවලු... (ඒක කියල තියෙන්නෙ මොන සූත්‍රයෙද කියන එක දන්නෙ නෑ...)

    ReplyDelete
  2. ලෝකය විනාශ වෙන හැටි..
    https://docs.google.com/file/d/0B0vYXtRsKnD8OElLSTM3bTJHSkU/edit

    ලෝකය හැදෙන හැටි...
    https://docs.google.com/file/d/0B0vYXtRsKnD8NUc0U0QtcXI2OUE/edit

    ReplyDelete
  3. මරු! ඒත් අපරාදෙ දෙවිය ලෝකෙ යන්න තිබුණ චාන්ස් එක මිස් වුණානේ...

    ReplyDelete
  4. මෙතන වැරැද්දක් නිවැරදි කිරීමක්...

    ලෝක විනාශයකදී දිව්‍ය ලෝක සයත් විනාශ වේ.. සියලු සත්වයින් ආභස්සර නම් බඹ ලොවෙහි ඉපදෙන බවයි කියවෙන්නේ...

    ReplyDelete
  5. මේ ඇනෝ කියන විදිහටනම් මේ ලෝකේ විනාස වෙන්නේ ලෝකේ මිනිස්සු සේරම පට්ට විදිහට පින් කරපු කාලෙක වෙන්න ඕනේ! :D
    ඒ කියන්නේ කවදාවත් ලෝක විනාසේ වෙන්න නෑ! :D
    ඔය පුනුරුප්පති ගැන කියවන්න ගිහාම මේ බ්ලොග් වල මිනිස්සුන්ට හරියට තද වෙනවා. ඒ හන්දා දැං මං වැඩිය ඔය ගැන කත කරන්නෑ :D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...