Wednesday, July 11, 2012

චිකන් ගස් යට ගුල් හාරන කැරට්!

අභ්‍යවකාශගාමියො අට දෙනෙක් ඩෙස්ටිනි ලෝකයට ගොඩබැස්සා.

ඒ ලෝකෙ නිදහසේ හුස්මගන්න පුළුවන් වුණාට ලොකු අමුත්තක් තිබුණා.

ඒ ලෝකය සෑහෙන්න වෙනස්.

එහේ ගස්වල වැවුණේ සත්තු.

ගස්වල ලොකුවට කුකුල්ලු හැදුණෙ පෘථිවියෙ අඹ හැදෙනව වගේ.

අන්නාසි හැදෙනව වගේ හරක්, ඌරො, මුවෝ, අලි හැදුණේ පඳුරුවල.

ඒව සත්ත්ව ගෙඩි තිබුණ ශාක.

අනිත් අතට එහෙ කැරට් අල කෑ ගහමින් හැම තැනම දිව්වා. ගෝව, බීට් තැන තැන ඇවිද්දා.

බෝංචි, මෑ කරල් පණුවො වගේ බඩගෑවා.

පොල්, කොස් තියෙන පැත්තකට කාටවත් යන්න බැරි වුණේ ප්‍රහාර එල්ල වුණ නිසා.

ගොයම් ගස් පළඟැටි රෑන් වගේ එක පොදියට දුවගෙන ගියා.

එහෙ සත්තුන්ට තිබුණෙ ශාක පෙනුමක්.

…………………………

සති දෙකක් ඇතුලත කණ්ඩායමේ දෙන්නෙක් මැරුණා.

එයාල නිර්මාංශභක්ෂකයෝ...


ලියා එව්වේ - hare :-)

6 comments:

  1. වෙජිටේරියං කියාගන්න අය එහෙව් ලෝකෙකට ගියොත් මාර අවුලක් තමයි! ඒක නෙමෙයි ඉතිං එහෙ චිකන් හොදි තිබිලා නැද්ද? එව්වා වෙජිටේරියං අය කනවනේ! :D

    ReplyDelete
  2. සිරාවටම සිරා බං!!! එලටම ලියලා තියනවා! මරේ මරු!

    ReplyDelete
  3. ඉස්සර රේඩියෝ එකේ ඇහුන දැන්වීමක් තිබ්බා " එහා ගෙදර මෙහා ගෙදර උඩහ ගෙදර පහළ ගෙදර අපේ ගෙදර දැන් කුකුල්ලු නොමර කුකුල් මස් කනව " කියල. ඒක සෝයාමීට් දැන්වීමක් :-D

    ReplyDelete
  4. හේ හේ ... ඩෙස්ටිනි ලෝකය මාරයිනේ...

    ReplyDelete
  5. හික්..! හෙඩිම දැක්කම අංජකොරොස් වෙලා ගියා.. දැන්නේ තේරුනේ..!!

    ReplyDelete
  6. චීන කතාවක් වගේ මුලින් දැනුනේ ....හෙහේ එල..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...