Monday, July 9, 2012

මනුෂ්‍යයා

විශ්වය එක්ක බැලුවාම මිනිස්සු පෘතුවි වැසියෙක් විතරයි. ඒ වැසියා ලෝකේ එක්ක බැලුවම ආසියාතිකයෙක් උනා කියලා ආඩම්බර වෙනවා. ආසියාව ඇතුලේ දකුණු ආසියාතිකයෙක් උනා කියලා ආඩම්බර වෙනවා. දකුණු ආසියාවේදි ශ්‍රී ලාංකිකයෙක් උනා කියලා ආඩම්බර වෙනවා. ලංකාව ඇතුලේ අහවල් ජාතිකයෙක් උනා  කියලා, අහවල් ආගමිකයෙක් උනා කියලා, අහවල් ආයතනයේ, අහවල් විශ්ව විද්‍යාලයේ, අහවල් ඉස්කොලේ, අහවල් පංතියේ,  අහවල් පලාතේ, අහවල් දිස්ත්‍රික්කයේ, අහවල් නගරයේ, අහවල් ගමේ, අහවල් කුලේ, අහවල් පවුලේ කියලා මේ හැම එකක් නිසාම ආඩම්බර වෙනවා

අන්තිමට තමන් විතරක් තනි වෙනවා ඒතකොට ආඩම්බර වෙන්නේ මොකක් ගැනද?

එතකොට කවදාවත් මනුෂ්‍යයෙක් වෙච්ච එක ගැන ආඩම්බරයක් නැද්ද මනුෂ්‍යයන්ට??? මනුෂ්‍යයෙක් කියලා ආඩම්බර වෙන්න මතක් වෙනකොට අවසානය ලඟා වෙලාද ඉවරද???


ලියා එව්වේ - නිෂාන්

3 comments:

  1. මනුස්සකම කියන ඒක අමතක වෙලා තියෙද්දී තමන් මනුස්සයෙක් කියලා මතක් වෙයිද ?

    ReplyDelete
  2. පුහු දේවල් වලට මුල් නොවී මනුෂ්යත්වය වෙනුවෙන් මිනිස්සු කැප වෙනවානම් මොනතරම් හොඳද...
    කාලෙකට පස්සේ මනුෂ්යත්වය ගැන අහන්නත් ලැබුනේ. ...

    ReplyDelete
  3. තනි වීමත් ආඩම්බරයක් විදියට හිතන අය ඉන්නවා :-D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...