Wednesday, May 30, 2012

ෆේස් බුක් ප්‍රේමය.


"බන්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පොත් ප්‍රදර්ශණය නැරඹීමට හා පොත් මිලදී ගැනීමට  විශාල පිරිසක් අවට සැරිසරමින් සිටියහ. විනෝජ් උසස් පෙළේ ඉගෙනුම ලබනා කොලුගැටයෙකි. ඔහු තම මිතුරාත් සමඟ එතැනට විත් සිටියේ මූණු පොතින් හමුවූ තම අලුත් පෙම්වතිය මුණ ගැසීමටය.

වේලාව තත්පරයෙන් තත්පරය ලං විය. ඒ අතර සුන්දර කෙල්ලන්ගේ මුහුණු පෙනී නොපෙනී ගියේය.

"හෙලෝ ඔයා විනෝජ් නේද?" යැයි පමනට වඩා ශරීරයෙන් විශාල කළුම කළු කෙල්ලක් ඔහුගෙන් ඇසුවාය. ඇය ඇඳ සිටියේ විනෝජ්ගේ ප්‍රේමවන්තිය කියූ ආකාරයටමය. කට හඬඳ දුරකථනයෙන් ඇසුනු ඒ හඬමය.

"බුදු අම්මෝ….." කියා ගෙනම විනෝජ් සෙනග පීරාගෙන ඉදිරියට දිව්වේය. සිදු වූ දේ වටහා ගත නොහැකි වූ ඔහු මිතුරා ඔහු පසු පසින් තරඟයට මෙන් දිව්වේය.

ලියා එව්වේ - තරුනිසළයි (http://gsdesilva.blogspot.com/)

8 comments:

  1. ලබන සැරේ විඩිඔ චැට් පාවිච්චි කරහන් !! LOL

    ReplyDelete
  2. පව් වැඩක්.. එ කෙල්ලට මොනා හිතෙන්න ඇත්ද. නොගැල්පෙනවා නම් කතා වෙලා අයින් වෙන එක එකක්..ඔහොම හැසිරෙන් හොද නැ. කතාවක් උනත් කාට උනත් තියෙන්නේ හිතක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත එහෙම කලානම් ඒක නරුම වැඩක්....වගේම නොහො‌බිනා පලායාමක්...

      Delete
    2. අවුරුදු දහ හතේ,දහ අටේ ඉස්කෝල යන ළමයිනේ ... සෙල්ලක්කාර වයස ගනං ගන්න එපා .... :)

      Delete
  3. ෆේස්බුක් එකෙන් ලව් කරලත් පින්තූර ෂෙයා කරගෙන නැද්ද? හරිම ග්‍රාම්‍යයි අප්පා ;-)

    මේක කියෙව්වම මතක් වුණේ අපේ යාළුවෙක්ව. පොරත් ඔන්න ඔහොම ෆෝරම් එකකින් හම්බවුණ කෙල්ලක්ට ලව්කරල පළවෙනි පාරට මීට් වුණේ පොත් ප්‍රදර්ශනේදි. එදා පොර අපිත් එක්ක ප්‍රදර්ශනේට ආවෙත් නෑ. අපි හිතුවෙත් නෑ එයි කියලා. හැබැයි පොර අපට කලින්ම ගිහින් කෙල්ලවත් හමිබවෙලා.... අපිව දැක්කම නොදැක්ක වගේ අත විතරක් වනාගෙන ගියා...

    ReplyDelete
  4. මොනා වුනත් කෙල්ල පව් ඒ වෙලාවෙ. සෙනඟක් අතරෙ මෙහෙම දෙයක් කරන එක හරිනෑනෙ.

    ReplyDelete
  5. කෙල්ලට කරපු දේ නම් වැරදි තමා....පව්!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...