Sunday, May 13, 2012

ඔබා මාමේ... ඔබ එහෙම මිනිහෙක්!

ජීවිතේ අත්දැකීම් එක්ක මිනිහෙක් ඵල බර වෙනවා. හැබැයි නියම මිනිහෙක් කවදාවත් එහෙම වුණා කියල පිම්බෙන්නෙ නෑ. එයා තව තවත් මිනිස්සු දිහාවට බර වෙනවා. හරියට ඵල බර වෙද්දි ගස් වල අතු පහලට නැමෙනවා වගේ.

එහෙම මිනිස්සු ජීවිත කාලෙදිම ලබපු අත්දැකීම් එක්ක බොහොම සැහැල්ලුවෙන් ජීවිතේ වින්දනය කරන අය.

බ්ලොග් අවකාශෙත් එහෙම මිනිහෙක් හිටියා. හැමෝටම හිනාවෙලා කතා කරපු ඔහු කමෙන්ටුවක් ඇතුලෙත් පතුරු යන්න හිනාවුණ පොළොවෙ හිටපු මිනිහෙක්!

ඔබා මාමේ... ඔබ එහෙම මිනිහෙක්!

ඔහු සියය අඩවියට වචන 800ක් ලිව්වා. ලියපු බොහොම දෙනෙක්ව කමෙන්ටුවකින් දිරිගැන්නුවා. හැමෝටම වඩා හොඳින් හිනා වුණා.

ජීවිතේ කියන්නෙ අපි හිතාගෙන ඉන්න එකම නෙවෙයි කියලා ජීවිතෙන් ඔහු අපට පෙන්නුවා.

ඔබට නිවන් සුව!

22 comments:

  1. මම මාරයගෙ බ්ලොග් එකෙන් තමයි ඒ කණගාටුදායක ආරංචිය දැන ගත්තෙ. සිංහල බ්ලොග් අවකාශයෙ හැමෝම හිනැස්සූ ඒ සුන්දර මනුස්සය කාටත් නොකියම, අද අපිව හඬවල නික්මී ගිහින්. මේ අවුරුද්දෙ ඔබ මාතර ආවත් මුණගැහෙන්න බැරිවුණ නිසා ලබන අවුරුද්දෙ අනිවාර්යයෙන්ම හමුවෙන්න හිටියෙ. ඒත් නොසිතූ දේ ම අද සිද්ධවෙල.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!

    ReplyDelete
  2. ඔබා මාමේ. නැවත හමුවෙමු!!!

    ReplyDelete
  3. විවෘත මනසකින් ලෝකේ දිහා බලපු, නිතරම හිනා වෙලා උන්නු අපූරු මනුස්සයක්!

    ReplyDelete
  4. ඔබා මාමට නිවන් සුව !

    ReplyDelete
  5. අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!

    ReplyDelete
  6. ඔබ මෙලොව හැර ගියත් ඔබගේ මතකය සදා කල් අප සමග රුදෙනු ඇත ඔබට අජරාමර නිවන් සුව අත් වේවා!

    ReplyDelete
  7. ඔව් ඇත්තටම එහෙම මිනිහෙක්!!!!

    ReplyDelete
  8. ඔබා අයියාට සුව අත්වේවා!!!විජේවර්ධන පවුල වෙත මගේ කනගාටුව.

    ReplyDelete
  9. . සිංහල බ්ලොග් කියවන්නෙක් විදියට මම හදවතින්ම වැලදගත්ත අව්‍යාජ ෙසාදුරු මිනිසෙක්. කමෙන්ටුවකින්වත් කවදාවත් කාෙගවත් හිත රිෙදන යමක් ලියනවා දැක්ෙක් නැහැ විවාද වලදි කවදාවත් පැත්තක් ගෙන ෙකාෙමන්ට් කරලා නැහැ. කවදාවත් හමුවෙලා කතාකරලා නැතිවුනත් ලඟම හිතවතෙක් විදයට දැනුනා. ඒනිසා හිතට ලොකු දුකක් දැනෙනවා.
    සිංහල බ්ලොග් අවකාශයෙ සොදුරුම මිනිසා....
    ඔබා අය්යට නිවන් සුව!

    ReplyDelete
  10. මොකෙක්වත් කොමෙන්ට් නොකරන හෝදාපාලු බ්ලොග් එකක් තුල වුණත් සුන්දරත්වයක් දුටු බ්ලොග් කලාවේ තල්මසුන්ගේ සිට හාල්මැස්සන් දක්වා කාගේත් හිතවතා වූ ඔබ, කුණු ගොඩගහන කුණු අවුස්සන මහත්තුරුන්ට වඩා මනුස්සකමින් සයිබර් අවකාශය තුල අපට සමීප වුණා.... නුදුටු සුන්දර මිනිසාණෙනි! ඔබට සුබ ගමන්..!

    ReplyDelete
  11. ඔබට නිවන් සුව ලැබේවා. සනත් අයියා ඔබ සදාකල් අප හදවත් තුල ජිවත් වෙනු ඇත .මා ලියු අද නොලියන blog එකේ පළමු comment දැමුවේ ඔබයි අයියේ.

    ReplyDelete
  12. අක්‍රියව ගෙවුනු පහුගිය බ්ලොග් ජිවිතයේ මඟ හැරි ගිය වැඩිය මුණ නොගැසුනු ඔබා මාමේ.. සුභ ගමන්..!!!!

    ReplyDelete
  13. ලඟදි බොහෝ දෙනෙක් මරණය ගැන කතා කළා. නමුත් කව්ද හිතුවේ මරණය හොරෙන්ම ඇවිත් අපේ සහෘද ඔබා මාමව අරගෙන යයි කියල. මට නං හිතාගන්නවත් බැහැ. ඔබා මාමා නොමැති සිංහල බ්ලොග් ලෝකය තුළ කිසිවකුට මැකිය නොහැකි මහා පාළුවක් ඇතිවේවි.
    සදාදරණීය ඔබා මහතාණනි, ඔබට නිවන් සුව පතමි!

    ReplyDelete
  14. Oba [Sanath]oba miya giya bawa dannemi,oba giya maga apa sawoma kawada ho ya yuthuya,eya loka sobhawaya bawa danimi.Obata Nivan Suva Athwewa Pathami!

    ReplyDelete
  15. ඔහු මියගියේ ද සිත සතුටින්. එයින් කොටසක් බ්ලොග් ලෝකය නිසායි.

    ReplyDelete
  16. හොඳ මනුස්සයෙක්.. ඔබට නිවන් සුව පතමි..!!

    ReplyDelete
  17. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  18. ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....

    ReplyDelete
  19. අදහාගත නොහී මොහොතක නික්මගිය සොඳුරු මිනිසානෙනි...ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා.............

    ReplyDelete
  20. ඔබා මාමාට නිවන් සුව වේවා !!

    ReplyDelete
  21. අපූරු මිනිසෙක්..
    ඔහුට නිවන් සුව!!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...